සමාජ මාධ්‍යජාල අවහිර කෙරේ : "අතිවිශේෂ, තාවකාලික පියවරක්"

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය සන්නිවේදනය අද සිට (මාර්තු 07) අවහිර කිරීමට රජය පියවර ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ හටගෙන ඇති නොසන්සුන් තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත ආණ්ඩුව මෙවැනි පියවරකට යොමුවී ඇතැයි වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය.
"මිනිසුන් එක්තැන් කිරීම සඳහා නිමවුණු තාක්ෂණය මිනිසුන් වෙන්කොට ඇදගැනීම සඳහා භාවිත කෙරෙන ආකාරය පසුගිය දින කිහිපයේදී දකින්නට ලැබුණා" යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සේවා සපයන ආයතනයක් වන ඩයලොග් ආසිආටා සමාගම නිවේදනය කළේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝගය අනුව සමාජ ජාල වෙබ් අඩවි හා ක්ෂණික පණිවිඩ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර ඇති බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මේ තොරතුරුද දැනගන්න :
මේ අතර අද (මාර්තු 07) දිනයේදීත් මහනුවර කටුගස්තොට හා ගම්පහ පූගොඩ යන ප්‍රදේශවලින් සිදුවීම් දෙකක් වාර්තා ඇතැයි පැවසූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සමග වැඩිදුරටත් කියාසිටියේ මතුවී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා දසදහස්ගණනක හමුදාවක් යොදවා ඇති බවය.
සමාජ මාධ්‍යජාල අවහිර කිරීම සම්බන්ධයෙන් අදහස් පළකළ අමාත්‍යවරයා, "ෆේස්බුක් වැනි දේ නවත්වා තිබෙනවා. මොකද ඒ හරහා තමයි අන්තවාදීන් තමන්ගේ පණිවිඩ යවන්නේ. තමන්ගේ මතවාද ඉදිරියට ගෙන යන්නේ" යැයි පෙන්වා දුන්නේය.
මතුවූ තත්ත්වය මැඩ පැවැත්වීමට රජය අපොහොසත් වී යැයි නැගෙන චෝදනාවට පිලිතුරු දුන් අමාත්‍යවරයා ඇඳිරි නීතිය මෙන්ම හදිසි නීතිය පනවමින් ද, හමුදාව යොදවමින් ද ඒ සම්බන්ධයෙන් රජය අවශ්‍ය පියවර ගත් බව සඳහන් කළේය.
කෙසේවෙතත්, මහනුවර දිස්ත්‍රික්කය පුරා මේ වනවිට ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසල් දින නියමයකින් තොරව වසා ඇත.
මේ අතර වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.












