ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දූෂණ විරෝධය රටක ආත්ම ආරක්ෂාවයි - ජනාධිපති
"දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාව බව" ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
දේශප්‍රේමීත්වය යනු "මූල්‍ය විනය" අනුව කටයුතු කිරීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා "මුල්‍ය විනයක්" ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව තිබෙන බව ශ්‍රී ලංකාවේ 70 වෙනි ජාතික නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතමින් පැවසුවේය.
කොළඹ ගාලූ මුවදොර පිටියේදී ඉරිදා (පෙබරවාරි 04) උදෑසන ජාතික නිදහස් සැමරුම් උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.
"එකම දැයක්'' යන තේමාව යටතේ සංවිධානය කර උත්සවයේ විශේෂ ආරාධිතයන් ලෙස රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් රැසක් එක්ව සිටියහ.
ඒ අතර කාගේත් අවධානය යොමු වූයේ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු සහ ඔහුගේ බිරිඳ සොෆී කුමරිය වෙතය. ඔවුන් නිදහස් සැමරුම් උළෙලට එක්ව සිටියේ එලිසබෙත් රැජිනගේ නියෝජිතයන් ලෙසය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් රජයේ මැති ඇමැතිවරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අභිමානවත් නිදහස් සැමරුම ආරම්භ විය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ආචාර වෙඩිමුර සහිතව ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිදීමෙන් අනතුරව ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතීම සිදු කෙරිණි.
"දූෂණ විරෝධය රටක ආත්ම ආරක්ෂාවයි. දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාවයි" යනුවෙන් දුෂණයට එරෙහිව ජනාධිපතිවරයා නිදහස් දින සැමරුමේ අදහස් දැක්වුයේ එලෙසය.
රට සංවර්ධනය සඳහා පැරණි මුල්‍ය රෙගුලාසි බාධාවක් වී ඇති බවත් ඒවා කඩිනම් සංශෝධනයකට යටත් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
සබැඳි යොමු: