2021 දක්වා ධුරය දැරිය හැකිද? - ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි

ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, AFP

තමන්ට 2021 දක්වා සිය ධුරය දැරිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් වෙත දැනුම් දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා එම ඉල්ලීම කර තිබෙන්නේ ඔහුගේ නිල කාලය අවසන් වන්නේ 2020ද, නොඑසේනම් 2021 දැයි විවිධ දේශපාලන පක්ෂ ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේය.

2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර හයක් වූ නමුත් 2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහක් දක්වා අඩු කෙරිණ.

ලබන ජනවාරි 14 වෙනි දින හෝ ඊට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන්ට දැනුම් දෙන මෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙන බැවින් ඒ පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා (ජනවාරි 11) විවෘත අධිකරණයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.

ඒ අනුව අදාළ විවාදය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දෙන මෙන් අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියම කර තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, අගමැති රනිල් වික්‍රමසිංහ ඩාවෝස් නුවරදී

සබැඳි යොමු: