ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඛනිජ තෙල් වර්ජනය: පිරවුම්හල් අසල දිගු පෝලිම්
අද (ජූලි 24) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම එකමුතුව කියා සිටියේ මූලික ඉල්ලීම් 03 ක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවය.
වරාය, ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රධාන ඉල්ලීම් අතර:
- ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ඛනිජ තෙල් සංස්ථාවට පවරා ගැනීම
- හම්බන්තොට වරාය තෙල් ටැංකි සංකීර්ණ ඛනිජ තෙල් සංස්ථාවට පවරා ගැනීම
- සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම
ඒ අනුව කොලොන්නාව, මුතුරාජවෙල යන සියලුම තොග ගබඩාවල තෙල් ප්‍රවාහන කටයුතු මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමෙන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩි.ජේ රාජකරුණා කියා සිටියේය.
"ඒ වගේම ගුවන් යානා තෙල් ප්‍රවාහනය නවතිනවා. හෙට දවසේ අපට යම් විසඳුමක් නොලැබෙන්නේ නම් නාවික ගොඩබෑම් නවත්තන්නත් අපට සිදුවේවි"
"විදුලි බලය සඳහා ලබා දෙන ඉන්ධනත් නවතිනවා. ඒ එක්කම දවසක් දෙකක් යන කොට රට අඳුරට පත්වෙනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ඛනිජ තෙල් වර්ජනයක් දියත් කරන බව ප්‍රකාශයට පත් කිරීමත් සමග කොළඹ ඇතුළු රටපුරා විවිධ ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
පසුගිය අප්‍රේල් 24 වෙනිදා ද එම එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹී අතර පසුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ලිඛිත පොරොන්දුවක් ලබා දීමත් සමග එම වර්ජනය අත්හිටුවන බව වරාය, ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව එවක පැවසීය.