ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නොබෙල් ත්‍යාගලාභී ලියෝ ෂියාබෝ දිවියෙන් සමු ගනියි
නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද චීනයේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රමුඛ පෙළ නීතිවේදියෙකු වූ ලියෝ ෂියාබෝ දිවියෙන් සමු ගෙන තිබේ.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු ද වූ ඔහු මිය යන විට 61 වෙනි වියේ පසු විය.
බන්ධනාගාරගත කර සිටි ඔහු පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල් ගත කර තිබිණි.
චීනයේ පවතින තනි පක්ෂ ක්‍රමය අවසන් කරන මෙන් ඉල්ලා අන්තර්ජාලයේ පෙත්සමක් පළ කිරීම සම්බන්ධයෙන් ලියෝ ෂියාබෝ වසර 11 ට සිරගත කරනු ලැබීය.
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස බටහිර රටවල් සහ මානව හිමිකම් සංවිධාන බීජිං පාලනයෙන් ඉල්ලා සිටියහ.
තියනැන්මෙන් උද්ඝෝෂණ
නමුත් එම එම ඉල්ලීම් බීජිං පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.
සාමකාමී දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටි ලියෝ ෂියාබෝ ඉහළ ගෞරවයට ලක් වූ ලේඛකයෙකු මෙන්ම දේශපාලන චින්තකයෙකි.
ඔහු, 1989 වසරේ තියනැන්මෙන් චතුරශ්‍රයේ පැවති ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණවලට සහභාගී වූ ප්‍රධාන සාමාජිකයෙකි.