ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"අලිඇතුන්ට කසළ නොදෙමු"
කසළ බැහැර කරනු ලබන ස්ථානයන්හි අලිඇතුන් ගැවසීම වැලක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී ඇත.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා තිරසර සංවර්ධන සහ වනජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පලාත්පාලන ඇමති ෆයිසර් මුස්තාපා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
අවිධිමත්ව කුණු කසළ බැහැර කරනු ලැබීම පරිසරයට මෙන්ම වන සතුන්ට ද හානිකර අන්දමින් බල පා ඇතිබව පවසන එම කැබිනට් පත්‍රිකාව, වන අලි එම කසළ ආහාරයට ගැනීමට හුරු වීමෙන් එම ජීවීන්ගේ ජීවිතවලට බලවත් අනතුරුදායක තත්වයක් උද්ගතව ඇති බවත් සඳහන් කරයි.
වනජීවී කලාප තුළ කසළ බැහැර කෙරෙන ස්ථාන පනස් හතරක් (54) හඳුනා ගෙන ඇති අතර ඒ අවට තුන්සීයකට අධික අලි ඇතුන් ගැවසෙන බවත් අදාළ කැබිනට් පත්‍රිකාව පෙන්වාදෙයි.
එම තත්වයෙන් දැවැන්තයන් බේරා ගැනීම සඳහා තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍යාංශය යෝජනා කරන එක් ක්‍රියාමාර්ගයක් වන්නේ අලිඅතුන්ට කුණු කසළ කරා ලඟාවිය නොහැකි මට්ටමින් විදුලි වැට ඉදි කිරීමයි.
දෙවැන්න,වනසතුන් ගැවසෙන කලාපයන්ට බැහැර කෙරෙන කුණු කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් සැලසුම් කිරීමයි.
ශ්‍රී ලංකාවේ දේශීය සංචාරකයන් මහාමාර්ග අවට ඉතිරි කරන ආහාර සහ පොලිතීන් ආදිය පවා අලිඇතුන් විසින් ආහාරයට ගන්න බව හඳුනා ගෙන ඇත.