"යුරෝපයට ඇමරිකාව සහ එක්සත් රාජධානිය මත විශ්වාසය තබන්න බැහැ"

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඇමරිකානු ජනාධිපතිවරණය සහ යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විචාරණයෙන් (Brexit) පසු යුරෝපයට තවදුරටත් ඇමරිකාව සහ එක්සත් රාජධානිය මත සම්පූර්ණයෙන් විශ්වාසය තබා කටයුතු කළ නොහැකි බව ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල් පවසයි.
තමන්ට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය යන දෙරටවල් සමග මෙන්ම රුසියාව සමගත් මිත්‍රශීලී ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නමුත් "යුරෝපයට තම ඉරණම වෙනුවෙන් සටන් කිරීමට කාලය එළඹ ඇති බව" ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ඇය එම අදහස් පළ කළේ කාලගුණ විපර්යාසවලට විසඳුම් සෙවීමේ අරමුණින් 2015 වසරේ පැරිස් නුවර දී ඇති කර ගත් සම්මුතියට අනුව කටයුතු කිරීමට G7 රටවල් අපොහොසත් වීමත් සමගය.
G7 රටවල නායකයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ඉතාලියේ පැවති සමුළුවේ දී කාලගුණික විපර්යාස පිළිබඳව ඇති කර ගත් සම්මුතිය පිළිගැනීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.
ජර්මනිය සහ ප්‍රංශය

ඡායාරූප මූලාශ්‍රය, AFP
G7 සමුළුව පිළිබඳ අදහස් දක්වමින් චාන්සලර්වරිය පැවසුවේ එම හමුව පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවය.
කෙසේ නමුත් බර්ලිනය සහ ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර පවතින සබඳතාවලට මූලිකත්වය ලබා දිය යුතු බව මියුනිච් නුවර මැතිවරණ ප්‍රචාරණ රැළියක් අමතමින් ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල් වැඩිදුරටත් කියා සිටියාය.
ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රටවල් G7 සාමාජිකත්වය දරති.









