ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පින්නවල අලි පිටතට
පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලිඇතුන්ගෙන් කොටසක් සුදුසුකම්ලත් පුද්ගලයන් සහ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණි.
නිශ්චිත කොන්දේසිවලට යටත්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් තෝරා ගනු ලබන පුද්ගලයන්ට සහ ආයතනවලට පමණක් මෙම අලි ඇතුන් ලබාදීම සිදු කිරීමට නියමිතය.
පෙරහැර සඳහා
අක්කර 30ක් වූ මුළු භූමි ප්‍රමාණයක් සහිත පින්නවල අලි අනාථාගාරයේ මේවනවිට අලින් 88දෙනෙකු රඳවා ඇත.
එම සතුන් නඩත්තු කිරීම දුෂ්කර කාර්යයක් වී ඇති බැවින් රජය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරනු ලබන අලිඇතුන් සංචිතයක් මඟින් පෙරහැර සඳහා හීලෑ අලිඇතුන් ලබාදීම සඳහා වූ නිර්දේශ ද මෙහිදී අනුමත කර තිබේ.
එමෙන්ම අලි ඇතුන්ගේ ලියාපදිංචිය විධිමත් කිරීම හා ආරක්ෂාව සැලසීම සඳහා නියෝග නිකුත් කිරීමට ද තීරණය විය.