ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ යෝජනා ක්‍රියාත්මක විය යුතුයි"
කාල පරාසය කුමක් වුවත්, 2015 වසරේ ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟත්වය පරිදි මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කර ගත් යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසයි.
එය සිදු විය යුත්තේ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ බව ද ඔහු අවධාරණය කළේය.
යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වුවහොත්, එම කරුණු කිසිවක් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු නැතැයි යන අර්ථයක් මතුවීමට ඉඩ ඇති බව කී මන්ත්‍රීවරයා එසේ වුවහොත් ජාත්‍යන්තර අධීක්ෂණයක් අහිමි වීමට ඉඩ ඇති බව ද සඳහන් කළේය.
ඒ අනුව, එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කාලපරාසයකට අදාළව, පසුගියදා (මාර්තු 18) යාපනයේ පැවති මාධ්‍ය හමුවේදී තමන් සඳහනක් නොකළ බව එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
"වැඩි කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ආණ්ඩුව කිව්වට ඒ කාලය තුළ අධීක්ෂණයක් සිදු විය යුතුයි" යනුවෙන් කී මන්ත්‍රීවරයා පසුගිය මාස දහඅටක කාලය තුළ කිසිවක් ඉටු නොවූ බව සඳහන් කළේය.
කෙසේ නමුත්, කාල පරාසය කුමක් වුවත් ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වූ යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පියවරගත යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පැවසුවේ තමන් ජිනීවා සැසිවාරයට ඉදිරි දිනවල සහභාගිවීම නොවන බව ද වැඩිදුරටත් සඳහන් කරමිනි.