ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විදෙස් විනිසුරුවන්ට ඉඩක් නැහැ -මංගල
ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සඳහා විදෙස් විනිසුරුවරුන් යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නොලැබෙන බව විදේශ අමාත්‍යවරයා පවසයි.
විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය මංගල සමරවීර මේ බව කියා සිටියේ අද (මාර්තු 16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.
විදේශ විනිසුරුවන්ගේ සහභාගිත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවූ යෝජනාවේ සඳහන්ව ඇතිබව බීබීසී පෙන්වාදුන් විට එය පිළිගත් විදේශ අමාත්‍යවරයා පැවසුවේ, එය නිර්දේශයක් පමණක් වන අතර එය ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ අයිතිය ශ්‍රී ලංකාව සතු බවය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම දක්වා වර්ධනයවී තිබූ මෙම ප්‍රශ්නය නව ආණ්ඩුව විසින් දේශීය යාන්ත්‍රණයක් දක්වා ගෙන එනු ලැබ ඇති බව මංගල සමරවීර ඇමතිවරයා ප්‍රකාශ කළේය.