ලසන්තගේ මරණයට හේතුව ගැන අනාවරණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty/ LAKRUWAN WANNIARACHCHI
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ නවතම මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි නීතිවේදි අතුල රණගල පවසයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (මාර්තු 20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරපත් කළ බව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වන අතුල රණගල බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
2009 වසරේදී ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ යළි ගොඩ ගැනුණේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා රස පරීක්ෂක වාර්තාව අතර පරස්පරතා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවය.
හිටපු හමුදාපතිගේ ප්‍රකාශය

ඡායාරූප මූලාශ්‍රය, AFP


අදාළ ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දෙනු ලැබූ ප්‍රකාශය අනුව හමුදාවේ එවක බුද්ධි අංශ ප්‍රධානියා යටතේ සිටි කණ්ඩායමක් පිළිබඳ පරීක්ෂණ කියාත්මක කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින අධිකරණයට දැන්වූ බව නීතිවේදි අතුල රණගල වැඩිදුරටත් සඳහන් කළේය.
නඩු විභාගය ජුනි මාසයේ 19 වෙනිදා යළි කැඳවීමට නියමිතය.








