ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"රාජ්‍ය සේවය ජනතාවට බර වැඩියි"
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ සමාජයේ යම් විවේචනයක් පවතින බව ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් පවසයි.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම මිත්‍රශීලී සේවාවක් බවට පත් කිරීමට නම් එහි විශාල වශයෙන් ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
පස් කැපීමේ සිද්ධියක් මුල්කර ගනිමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය අතර සිදුවූ දුරකතන සංවාදය සම්බන්ධයෙන් ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයකුවන අශෝක පීරිස් එහිදී අදහස් දැක්වීය.
පසුගිය කාලයට වඩා වත්මන් ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් නිර්මාණය වී තිබීම තුළ සිය අදහස් ප්‍රකාශ කිරීමට සහ විරෝධතාවල යෙදීමට ජනතාවට අවස්ථාව උදා වී ඇති බවත් ඔහු කියා සිටියේය.
රාජ්‍ය සේවයේ නිරත පුද්ගලයන්ගේ සංඛ්‍යාව රටට ඔරොත්තු නොදෙන මට්ටමකට ළඟා වී ඇති බව ඔහු පැවසීය.
"මේ රාජ්‍ය සේවය ජනතාවට බර වැඩියි. කිසියම් ක්‍රමවේදයක් හදාගෙන රාජ්‍ය සේවය රටටත් ජනතාවගේත් සංඛ්‍යාවට ගැළපෙන ආකාරයට සංස්කරණය කරලා මේක ආකෘතියේ හා ආකල්පමය වෙනසක් සිදුකර ගත්තොත් මේ ගැටලුව විසඳා ගත හැකියි" යනුවෙන් ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් සඳහන් කළේය.