ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රන්ජන්ට එරෙහිව වැඩ වරති
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් බැනවැදීමට විරෝධය පළකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයෝ අද (ජන.30) වැඩ වර්ජනයක යෙදෙති.
එම රාජ්‍ය සේවකයින් පවසන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන ඒ සම්බන්ධයෙන් සමාව ගත යුතු බවය.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ ( ජන.29) මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කළේ තමන් වරදක් නොකළ බැවින් කිසිවකුගෙන් හෝ සමාව නොගන්නා බවය.
කෙසේවෙතත්, ජනතා විරෝධය එල්ල වී ඇති දිවුලපිටියේ සිදුවන පස් කැපීමේ ව්‍යාපාර නවතා දමා අදාළ ප්‍රදේශ යළි නැවත සකස්කිරීමේ කොන්දේසිය මත තමන් ඕනෑම කෙනෙකුගෙන් සමාව ගැනීමට සුදානම් බව ද ඔහු කියා සිටියේය.
ජනතා මුදලින් පඩි ලබන දේශපාලකයන් මෙන්ම රජයේ සේවකයන් ද විවේචනයට පුරුදු විය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර අද පැවැත්වෙන විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රන්ජිත් ආරියරත්න පැවසුවේ මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිළධාරින් මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජිතයන් පිරිසක් ද ජනාධිපතිවරයා විසින් අද කොළඹට කැඳවනු ලබූ බවය.