ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට
කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට පත් නියෝජ්‍ය අමාත්‍යවරයා මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉහත කී චෝදනා යටතේ අඟහරුවාදා උදය වරුවේ අත්අඩංගුවට ගැනුණු මව්වරුන් නව දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
මතුගම පොලිස් ස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත් පොලිසිය ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් පසුගියදා උපවාසයක් ආරම්භ කොට තිබුණේ ද සිසුන් පිරිසක් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධනය සහ සංස්කෘතික කටයුතු භාර නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම සිය දිවි නසා ගැනීමේ උත්සාහයක නිරත වූයේ ඉන් අනතුරුවයි.