"ආයෝජකයා ගැන අගමැතිට කළින්ම කිව්වා"

හොරණ කර්මාන්ත කලාපයේ ටයර් නිෂ්පාදන ව්‍යාපෘතියේ ආයෝජකයා පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත්කර තිබූ බව අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාවද්‍ය පුවත් පළවී ඇති අතර ඊට අදාළව රාජිත සේනාරත්න ඇමතිවරයා කළ ප්‍රකාශය ද සාවද්‍ය බවය.
අක්කරයක් රු 100යි ?
තවද, මීට අදාළ ඉඩම හඳුනාගැනීම හා ව්‍යාපෘතියට ලබාදෙන සහන හා අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශ ඉදිරිපත් කරන ලද බවත් ආර්ථික කළමනාකරණය සඳහාවු අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීම් කිහිපයකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡාකිරීමෙන් අනතුරුව අදාළ අනුමැති ලැබී ඇති බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කරයි.
"එම ව්‍යාපෘතිය සඳහා අක්කරයක් සඳහා රු. 100 ක මුදලකට භූමිය ලබා දී ඇති බවට සඳහන් ප්‍රකාශය සාවද්‍ය කරුණකි. මෙම භූමිය රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් රු. 170,825,000 ට තක්සේරු කර තිබූ අතර එම මුදල ආරම්භයේදී එකවර ගෙවීමට ආයෝජකයා විසින් කැමැත්ත පළ කර ඇත. මීට අමතරව ආයෝජකයාගෙන් ඉඩම සඳහා රු.10,000 ක වාර්ෂික ගාස්තුවක් අයකර ගැනීමට රජයේ තක්සේරුකරු විසින් වැඩිදුරටත් දන්වා ඇත." යනුවෙන් ද එම නිවේදනයේ දැක්වේ.




