ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රියදුරු බලපත: අවයව පරිත්‍යාග කිරීමට අවස්ථාව
මාර්ග අනතුරුවලට ලක් වී මරණයට පත්වන රියදුරන්ගේ අවයව සහ පටක පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ හැකි පරිදි රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ සහ අලුත් කිරීමේ අයදුම්පත්‍ර සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
සිය අවයව සහ පටක පරිත්‍යාග කිරීමට කැමැත්ත නිරූපනයවන පරිදි දැනට පවතින රියදුරු බලපත්‍රය සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
ඒ අනුව මාර්ග අනතුරුවලට ලක් වී මොළය මිය යෑම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම හේතුවෙන් මරණයට පත්වන රියදුරන්ගේ අවයව සහ පටක අත්‍යවශ්‍ය රෝගීන්ට පරිත්‍යාග කිරීම සඳහා හැකියාව ලැබෙන රියදුරාගේ කැමැත්ත සඳහන් කළ ප්‍රකාශයක් ඇතුළත්කොට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ සහ අලුත් කිරීමේ අයදුම්පත්‍ර සංශෝධනය කිරීමට නියමිතය.