හම්බන්තොටින් පෙත්සමක්

යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව සහ හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් අක්කර 15000ක් චීන සමාගමකට විකිණීම සඳහා රජය තීරණයක් ගෙන ඇති බවට චෝදනා කරමින් ලියැවුනු පෙත්සමකට අත්සන් ලබාගැනීම අද (ජන. 05) අම්බලන්තොටින් ආරම්භ විය.

මෙම පෙත්සම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම නගරවලදී මහජන අත්සන් ලබාගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක්ද සහභාගී විය.

මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ චීනය සමඟ අත්සන් කර ඇති අදාළ ගිවිසුම් නීත්‍යනුකූල නොවන බවය.

"මේ එක ගිවිසුමක්වත් නීත්‍යනුකූල නෑ. මේ අය මේ ‍රටේ ජනතාව රවට්ටනවා වගේම චීන රජයත් රවට්ටල තියෙන්නෙ. ජාත්‍යන්තරයත් රවට්ටල තියෙන්නෙ. මේ රටේ ජනතාවට බොරු කිව්වා වගේම බොරු කියනවා වගේම ලෝකෙටම අද බොරු කියලා තියෙන්නෙ. වරාය ගිවිසුම නීත්‍යනුකූලව සම්මත නොවෙච්ච පනතක් නොවෙච්ච කෙටුම්පතක් නොවෙච්ච දෙයක් සම්බන්ධ කරගෙන තමයි වරාය විකුණන්න හදන්නෙ. මේකෙ කිසිම නීත්‍යනුකූලභාවයක් නෑ. මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම බොරු." යනුවෙන් ඔහු පැවසීය.