ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'බීලා පාරේ යන්න දෙන්න ඕන කියන අමුතු රටක් මේක'
රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් හා ත්‍රිරෝද රථ සංගම් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක වර්ජනයක නිරතව සිටිති.
වර්ජනය හේතුවෙන් රට පුරා පුද්ගලික බස් බහුතරය ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් මගීන් මුහුණ දෙන අසීරුතා අඩු කිරීමට ශ්‍රී ලංගම බස් යොදවා තිබූ අතර ඇතැම් ප්‍රදේශවලදී ඊට ගල් පහර එල්ලකර තිබිණි. වර්ජනය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවන ප්‍රතිචාර ඇසුරින් බීබීසී සංදේශයේ ඇස ගැටුණු අදහස් කිහිපයක් මේ.
"දඩ ගහලා බයකරන්න එපා. අපිට වැරදිකරන්න, මිනීමරන්න ඉඩදෙන්න" - රාවය මාධ්‍යවේදී කේ සංජීව සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක්, ඒ.
දින දෙකකට වඩා වර්ජනය පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත යන්න කේ සංජීව ගේ මතයයි.
ට්විටර් ජාලය ඔස්සේ අදහස් පළකරන මාධ්‍යවේදී වජිර සුමේධ, වසර ගණනාවකට පසුව අගනුවර මහාමාර්ගවල මාර්ග නීති නිසි පරිදි පිළිපදිමින් වාහන ගමන් කරනු වසර ගණනාවකට පසුව දක්නට ලැබුණු බව පවසයි.
"අනේ බං. මුන් ට ගියපු රට ..." ඒ සහන් හේවා ගමගේ ගේ ප්‍රතිචාරය.
"වර්ජනය කරන පෞද්ගලික බස් රජයට පවරාගෙන ලංගම දියුණු කරනු!" යනුවෙන් බ්ලොග් සටහනක් තබන W3Lanka බ්ලොග් අඩවියේ කතුවර අජිත් පැරකුම් ජයසිංහ, පෞද්ගලික බස් සේවය සහ සේවකයන් පිළිබඳව දීර්ඝ විමසුමක් ඉදිරිපත් කරයි.
"පෞද්ගලික බස් සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රක්ෂණාවරණ, නිවාඩු තබා බස් නැවතුම්පළවල හිසට සෙවණක්, වැසිකිළියක්, වතුර පයිප්පයක්වත් නැත," බව පවසන අජිත් පැරකුම් ජයසිංහ, "මෙම සේවකයන් වනාහි පෞද්ගලික බස් හිමියන්ගේ වහලුන් පිරිසකි. ඔවුන්ට කිසිදු රැකියා සුරක්ෂිතභාවයක් නැත,"යනුවෙන්ද පවසයි.
"මග මරුවන් දිගටම වර්ජනය කරනවා නම් මරු අප්පා. අද පාරවල කොච්චර නිස්කලංකව තිබුනද?," ඒ නිශාන්ත ප්‍රියදර්ශන ගේ අදහස.
ඒ අතර මාධ්‍යවේදියකු සහ ටෙලි නිර්මාණ ශිල්පියකු වන චාමර ජනරාජ් පීරිස් පවසන්නේ, "බීලා පාරේ යන්න දෙන්න ඕන කියන අමුතු රටක් මේක" යනුවෙන්.
"අනේ ඕකුන් හැමදාම වර්ජනය කරත්වා," යනුවෙනුයි මේ අතර ඡායාරූප ශිල්පී අනුරුද්ධ ලොකුහපුආරච්චි සිය ප්‍රතිචාරය පළ කර තිබුණේ.