ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පුද්ගලික බස් වර්ජනය - හම්බන්තොට
පුද්ගලික බස්රථ වැඩවර්ජනය යෙදී සිටින අතරවාරයේ ධාවනයේ යෙදුන ලංගම මගී ප්‍රවාහන බස්රථවලට රට පුරා විවිධ ප්‍රදේශවලදී ප්‍රහාර එල්ල වී තිබේ.
වැඩවර්ජනය හේතුවෙන් රට පුරා බොහෝ මාර්ග හිස්ව තිබුණු අතර, ඇතැම් විට පැයකට අධික කාලයක් බස් රථයක් එනතුරු බලා සිටින්නට සිදු වූ බව මගී ජනතාව පවසති.
කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථ දෙකකට තංගල්ල හේනකඩුව ප්‍රදේශයේදී හා හුංගම කච්චිගල්ආර ප්‍රදේශයේදී අද අලුයම ගල්ප්‍රහාරය එල්ල කොට තිබේ.
අදාළ බස් රථ දෙකේ රියදුරන් එම ප්‍රහාර පිළිබඳව හුංගම සහ තංගල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. බස් රථවලට ආරක්ෂාව සැපයීම පිණිස ඊයේ රාත්‍රීයේ සිට ජංගම පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බව හම්බන්තොට උසස් පොලිස් නිලධාරියෙක් බීබීසී සංදේශයට පැවසීය.
විශේෂ රථ වාහන වැරැදි කිහිපයක් සඳහා වන දඩ මුදල රු.25,000/- දක්වා ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ ඇතුළු රථ වාහන දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත්කර තිබේ.
ත්‍රිවිල් රථ රථගාල් තුල දක්නට නොලැබුන නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ත්‍රිවිල් රථ කුලී රථ සේවාවේ යෙදී සිටි ආකාරයත් දක්නට ලැබුණි.