ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මන්ත්‍රී වැටුප අඩුයි, ඒත් වැඩි කරන්නේ නැහැ – අගමැති
මාධ්‍යවේදීන්, සිය දීමනා වැඩි කරගැනීමට එකඟවන අතරේ මන්ත්‍රී දීමනා වැඩි කිරීමට විරුද්ධවන්නේ මන්දැයි අගමැති රනිල් වික්‍රමසිංහ අද (නොවැ.28) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ඔහු එසේ ප්‍රශ්න කළේ පුවත්පතක පළවූ වාර්තාවක් පිළිබඳ අවධානය යොමුකරමිනි.
මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක දීමනාවක් ගෙවීමට සූදානම් වන්නේ ආසනයේ වැඩකටයුතු සඳහා විනා නිවසේ වියදම් සඳහා නොවන බව පෙන්වා දුන් අගමැතිවරයා ඡන්දදායකයන් වෙනුවෙන් වැඩ කිරීම සඳහා වෙනත් අයෙකුගෙන් මුදල් ලබාගැනීමට වඩා මෙම ක්‍රමය සුදුසු නොවේදැයි ප්‍රශ්න කළේය.
මන්ත්‍රීවරුන්ට සිය ආසනය තුළ කාර්යාල පවත්වාගෙන යාමට අවශ්‍යවන අතරම ග්‍රාමීය ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට ප්‍රදේශයේ අවමංගල සහ මංගල උත්සව වැනි දේ වෙනුවෙන් විශාල මුදලක් වැයවන බව ද පෙන්වා දුන්නේය.
අවශ්‍ය පමණට වඩා දීමනා ගෙවා ඇත්නම් එය ප්‍රශ්න කරන්නැයි ඉල්ලූ අගමැතිවරයා, නිසි තොරතුරු රහිතව දීමනා දෙගුණ කර ඇති බවට වාර්තා ලිවීම සුදුසු නොවන බව සඳහන් කළේය.
එවැනි වාර්තා සම්පාදනය කරන කතුවරුන්ගේ වැටුප මන්ත්‍රීවරුන්ට වඩා ඉහළ බව තමා දන්නා බව ද ඔහු කියා සිටියේය.
එසේම අගමැතිවරයා පෙන්වා දුන්නේ මන්ත්‍රී වැටුප අඩු බව තමන් පිළිගන්නේ වී නමුදු එය ඉහළ නැංවීමේ කිසිදු සූදානමක් නැති බවය.