ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මන්ත්‍රීන් පිරිසකට ලක්ෂ 5ක කුලියට වාහන
ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්ෂ 5 ක කුලී පදනම මත ලබාගත් වාහනය බැගින් සැපයීමට ආණ්ඩුව තීරණයකර ඇත.
දැනට අදාළ මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන දීමනාව ලෙස ගෙවනු ලබන මුදල රුපියල් ලක්ෂ දෙකකි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක පෙන්වා දුන්නේ ප්‍රාදේශීය සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් පසුගිය පාලනය ක්‍රියා කළ ආකාරයට ම මෙසේ වාහන සැපයීමට ආණ්ඩුව තීරණය කළ බවය.
ඔහු සඳහන් කළ පරිදි මෙලෙස වාහන සැපයෙන්නේ කිසිදු අමාත්‍ය ධුරයක් නොදරන මන්ත්‍රීවරුන්ට ය.
මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර දී තිබියදී රුපියල් ලක්ෂ 5 ක කුලියට වාහන සපයන්නේ මන්දැයි කළ විමසීමට ඇමතිවරයාගෙන් නිසි පිළිතුරු නොලැබිණි.
මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට අනෙකුත් රටවල මෙන් වරප්‍රසාද රැසක් හිමි නොවන බව කියා සිටියේය. ආබාධිත සෙබළෙකුට පවා වසර 12ක සේවා කාලය සම්පූර්ණ නොවීම හේතුවෙන් මීට පෙර නිසි විශ්‍රාම වැටුපකට හිමිකම් කිව නොහැකි වූ පසුබිමක් තුළ මන්ත්‍රීවරුන්ට පමණක් වසර 5න් විශ්‍රාම වැටුපක් හිමිවන බව පෙන්වාදුන් විට ඇමතිවරයාගේ පිළිතුර වූයේ ආබාධිත සෙබළුන්ගේ වැටුප හා සැසඳීමේදී මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉතා අඩු බවය.