ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රසීලයෙන් එන සියලුම සීනි කන්ටේනර් පූර්ණ පරීක්ෂාවට
බ්‍රසීලයේ සිට ගෙන්වන සියලුම සීනි බහාලුම් (කන්ටේනර්) නිදහස් කිරීමට පෙර පූර්ණ පරීක්ෂාවකට ලක් කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව බීබීසී සංදේශයට මේ බව කියා සිටියේ සීනි කන්ටේනරයක තිබී කොකේන් කිලෝ ග්‍රෑම් දෙසීයකට අධික ප්‍රමාණයක් සොයාගැනීමෙන් අනතුරුවය.
අත්අඩංගුවට ගෙන ඇති එම කොකේන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි දෙසීයක් පමණ වන බවද ඔහු පැවසීය.
සීනි ආනයනකරුවන්
"වෙළඳාමට පහසුකම් සැලසීම රේගුවේ එක් කාර්යයක් වුනත් එම පහසුකම් යොදාගෙන ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ගෙන්වීමට උත්සාහ කරනවානම් එය නතර කිරීම තමයි රේගුවේ ප්‍රමුඛතම කාර්යය වෙන්නේ." ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.
මෙහිදී සිදුවිය හැකි අපහසුතා අවම කරගැනීමට විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙස සීනි ආනයනකරුවන් කැඳවා ඉල්ලීමක් කළ නමුදු ඊට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය.
කොකේන් තොගය සහිත සීනි කන්ටේනරය මෙරටට ආනයනය කළ පුද්ගලයා සහ එය නිදහස් කරගැනීම සඳහා පැමිණි වාප්පු ලිපිකරු මේවනවිට රේගුව භාරයේ සිටින බවද මාධ්‍ය ප්‍රකාශක පැවසීය.