ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිපාසයෙන් ගම් වදින සතුන් මැරුවොත් දැඩි දඬුවම්
දැඩි නියඟය නිසා ජලය සොයා ගම් වදින වන සතුන් මරා දමන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පවසයි.
පිපාසයෙන් දැඩි පීඩාවට පත් වී සිටින වන සතුන් ගම් වැදීමේ සම්භාවිතාව ඉහල ගොස් ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද බලධාරීහු ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටිති.
ජලය සොයා ගෙන වන සතුන් ගම්වැදීම නතර කිරීම සඳහා ජාතික උද්‍යානවලට බවුසර් මගින් ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන පවසන්නීය.
මීට අමතරව ඇතැම් ජාතික උද්‍යානවලට සුර්ය ශක්තිය මගින් ක්‍රියාත්මක ජල පොම්ප මගින් ගංගාවලට ජලය ලබා දීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක වේ.