ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාජුදින්: ජනපති මැදුරෙන් ලබා ගත් දුරකථන ඇමතුම් ගැන පරීක්ෂණ
වසීම් තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන රහස් පොලිසිය ජනාධිපති මැදුරේ සහ හම්බන්තොට කාල්ටන් නිවසේ දුරකථන පද්ධති පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියි.
අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා කියා සිටියේ තාජුදින් ඝාතනය වූ දින ජනාධිපති මැදුරෙන් ලබා ගත් දුරකථන ඇමතුම් පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.
ජනාධිපති මැදුරේ සහ හම්බන්තොට කාල්ටන් නිවසේ දුරකථන පද්ධති එකිනෙකට සම්බන්ධ කර තිබූ බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති නිසා රජයේ නීතිවේදියා මේ ගැන පරීක්ෂණ සිදුකරන බව දැනුම් දුන්නේ යැයි අගතියට පත් නීතිවේදී මිශ්බාක් සත්තාර් කියා සිටියා.
මේ අතර තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන්නේ කෙසේ දැයි යන්න ප්‍රශ්න කරමින් අගතියට පත් පාර්ශවයේ නීතිඥයා ඊට විරෝධය පළ කළේය.
අනුර සේනානායක
අනුර සේනානායක හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ රඳවා තැබිය යුතුද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියම කළේය.
එමෙන්ම අදාළ රෝගී තත්වය සම්බන්ධයෙන් සැකකාර අනුර සේනානායක මීට පෙරත් රජයේ හෝ පුද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද අධිකරණය විසින් ජාතික රෝහල වෙත දැනුම් දෙනු ලැබිණ.
අනතුරුව පැමිණිල්ල ලබන 21 වනදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එතෙක් අනුර සේනානායක සහ සුමිත් පෙරේරා යන සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.