ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාජුදීන් සිරුරු කොටස් අතුරුදහන් වීම: 'මගේ සම්බන්ධයක් නෑ'
වසීම් තාජුදින් ඝාතන සිද්ධිය සම්න්ධයෙන් තමන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර ඉදිරිපත් කළ පෙත්සම ලබන 30 වෙනිදා විභාගයට ගන්නා බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.
එදින පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් දන්වා අධිකරණය රහස් පොලිසිය වෙත නොතීසි ද නිකුත් කළේය.
පෙත්සම්කාර ආනන්ද සමරසේකර වෛද්‍යවරයා කියා සිටින්නේ ඝාතනය කෙරුණු වසීම් තාජුදින්ගේ සිරුරු කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන් කැඳවා ඇති බවයි.
මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසුව තමන් අත් අඩංගුවට ගැනීමට ඉඩකඩ තිබෙන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් පොලිසිය තමන් අත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
සිරුරු කොටස් අතුරුදන් වීමේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්න්ධයක් නොමැති බවද ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.
මේ අතර වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එමගින් ඉල්ලා සිටින්නේද තමන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.