ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංවිධායකයන් ඉවත් කිරීම පක්‍ෂය දෙකඩ කිරීමක් -මහින්ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'බල කණු' ආසන සංවිධායක පදවිවලින් ඉවත් කරනු ලැබීම පක්ෂය දෙකඩ කිරීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ 'මේ දඩයම නිසා' ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇති බවයි.
ඔහු මේ බව කියා සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් රාශියක් ඉවත් කිරීමට ගනු ලැබූ පියවර පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
'වාසියඑජාපයට '
ආසන සංවිධායකයන් ඉවත් කරනු ලැබීම හිටපු ජනාධිපතිවරයා හඳුන්වන්නේ 'ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර' හැටියටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.