ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තිරුකේතීස්වරන් කැණීම් අවසන්
මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනීවල ආසන්නයේ පිහිටි පාළු ළිද තුළ කැණීම් කටයුතු අද (04 වෙනිදා) සවස සම්පූර්ණයෙන්ම අවසන් විය.
තිරුකේතීස්වරන් පාළු ළිද තුළ තිබී හමුවූ මිනිස් ඇටසැකිලි කොටස් වලට අමතරව කරාබු, මාල වැනි ද්‍රව්‍ය කොටස් දාහතරක් හමුවී තිබේ.
මන්නාරම දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.රාජපක්ෂ කැනීම් කටයුතු අවසන් බව නිල වශයෙන් දැනුම් දුන් අතර පාළු ළිද තුළ තිබී හමුවුණු මිනිස් ඇටසැකිලි කොටස් ඇතුළු අනිකුත් සොයා ගැනීම් විද්‍යාත්මක පරීක්ෂණ සඳහා කොළඹට යැවීම පිණිස අධිකරණය වෙත බාර දුන් බවයි කියා සිටියේ.
දින හතරක් මුළුල්ලේ සිදු කළ මෙම කැණීම් කටයුතු සදහා රාජ්‍ය ආයතන දාහතක පූර්ණ සහයෝගය තමන් වෙත ලැබුණු බවත්, මන්නාරම අධිකරණයෙන් ලද නියෝගයක් මත මෙම පාළු ළිද තුළ කැණීම් කටයුතු සිදු කළ බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.