ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'බාධා එල්ල වුනත් පාද යාත්‍රාව සාර්ථකව සිදු කරනවා'
කුමන ආකාරයේ බාධා එල්ල වුවත් ආණ්ඩුවට එරෙහි පාද යාත්‍රාව සාර්ථකව සිදු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ලක්ෂ සංඛ්‍යාත ජනතා සහභාගීත්වයකින් යුතුව, පාද යාත්‍රාව අගෝස්තු පළමු දා කොළඹට ඒකරාශී වනු ඇති බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන ඕනෑම පනතක් තුනෙන් දෙකක බහුතර කැමැත්ත ඇතිව සම්මත කර ගන්නා බැවින් ආණ්ඩුවට එරෙහි සිය අරගලය පාර්ලිමේන්තුවෙන් ඔබ්බට ගෙන යාමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
'ඒ නිසා අපි තීරණය කළා දියවන්නාව ඇතුළේ තිබෙන අරගලය පාරට ගේන්න අවශ්‍යයි කියලා' හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ බව කියා සිටියේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා නවගමුවේ පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ බලයට පත් වී ගත වූ කෙටි කාලය ඇතුළත පමණක් වත්මන් ආණ්ඩුව රටට බරපතළ හානියක් සිදු කොට ඇති බවයි.