ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රියෝ 2016 ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි
2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක කණ්ඩායම අද (21) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන හමු විය.
ජනාධිපති නිල නිවසේදී ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ට ශුභ පැතීය.
රට වෙනුවෙන් ජයග්‍රහණ අත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ආශිර්වාදය ලැබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ අතර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් එළිදක්වා ඇත.
ඒවා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ඉහත කී ක්‍රීඩක හමුවත් සමඟ සිදු කෙරිණ.