ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යාපනය සරසවියේ විද්‍යා අංශය තාවකාලිකව වසා දැමෙයි
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් හා නවක සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේ සිසුන් 17 දෙනෙකු තුවාල ලැබීම හේතුවෙනුයි පාලන අධිකාරිය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශය වසා දැමීමට තීරණය කර ඇත්තේ.
යාපනය විශ්වවිද්යාලයේ නවක සිසුන් පිළිගැනීම පිණිස උඩරට නැටුමක් පැවැත්වීමට උත්සාහ කරද්දී ඇති වූ මතභේදයක් මෙම ගැටුමට හේතු වූ බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ අයෙකු පැවසීය.
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශය වසා දැමීමත් සමගම එහි සිටි සිංහල සිසුන් සියළුම දෙනා මේ වන විට නිවෙස්වලට ගොස් තිබේ.