ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහ බැංකු අධිපති ගියොත් හොඳයි- එස්. බී.
මේ මස අවසානයේදී නිල කාලය අවසන් වීමෙන් පසු මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ නිල කාලය දීර්ඝ නොකරන්නැයි අමාත්‍ය එස් බී දිසානායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියි.
ඔහු මෙසේ ඉල්ලීමක් කළේ මුදල් ඇමති රවී කරුණානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව අද(09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදීය.
"මම හිතන්නෙ අගමැතිතුමාටත් හොඳයි, අපේ ජනාධිපති තුමාටත් හොඳයි, ආණ්ඩුවටත් හොඳයි මුදල් ඇමති තුමාටත් හොඳයි එයාට යන්න අරින්න. මම දන්නව ඊයෙත් කෝප් කමිටුවේ විශාල ප්‍රශ්ණ මතුවුණා, අනුර කුමාර මන්ත්‍රීතුමත් මං හිතන්නෙ හිටිය, මේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගේ කාලය අවසන් වීමත් සමගම එතුමාට යන්න අරින එක හොඳයි" යනුවෙනුයි ඔහු කියා සිටියේ.