ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබ තනි වී නැහැ - පාප්වහන්සේ අනාථ සංක්‍රමණිකයන් අතරේ
යුරෝපයේ පවතින සංක්‍රමණික අර්බුදය නිරාකරණය කිරීම සඳහා තවත් බොහෝ පියවර ගන්නා ලෙස ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටිති.
උන්වහන්සේ ඒ බව කියා සිටියේ ග්‍රීසියට අයත් ලෙස්බෝස් දූපතේ පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී.
'බලාපොරොත්තු අතහැර ගන්න එපා. ඔබ තනි වී නැහැ' රැඳවියන් අමතමින් ශුද්ධෝත්තම පාප්වහන්සේ පැවසූහ.
රැඳවියන් පත්ව සිටින තත්වය සියැසින් දැක ගත් පාප්වහන්සේ කියා සිටියේ මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ සඳහා ප්‍රතිචාර පළ වනු ඇතැයි තමන්වහන්සේ බලාපොරොත්තු වන බවයි.
කඳවුර තුළ සිටින ඇතැමුන් තුර්කිය වෙත පිටුවහල් කිරීමට නියමිතයි.
රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින පිරිස් අතර යසින්දී ජන කොට්ඨාශයට අයත් කණ්ඩායම්, සිරියන් සහ ඇෆ්ගන් ජාතිකයෝ වෙති.
රැඳවුම් කඳවුර සම්බන්ධයෙන් පවතින මානුෂීය පැතිකඩ දෙස අවධානය යොමු කොට පාප්වහන්සේ එහි සංචාරය කළ බව කියා සිටි වතිකානය එය පිටුවහල් ක්‍රියාවලිය හෙලා දැකීමට ගත් උත්සාහයක් ලෙස නොදැකිය යුතු බවයි පවසන්නේ.
යුරෝපය මුහුණ දී සිටින සංක්‍රමණික අර්බුදයට විසඳුමක් ලෙස යුරෝපා සංගමය ඇති කර ගත් එකඟතාවක කොටසක් වශයෙන් ග්‍රීසිය වෙත පැමිණ සිටින අනවසර සරණාගතයන් තුර්කිය වෙත පිටුවහල් කෙරේ.