ජැක් කලීස්ගෙන් සමුගැනීමේ ශතකයක් සහ වාර්තාවක්

සිය අවසාන ටෙස්ට් තරඟයේදී ශතකයක් වාර්තා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ජැක් කලීස්, ඒ සමඟම වැඩියෙන්ම ටෙස්ට් ලකුණු රැස් කළ තුන් වෙනි ක්‍රීඩකයා බවට පත්වීමටද සමත් විය.
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟයේදී ලකුණු 155 ක් ලබා ගැනීමත් සමඟම ජැක් කලීස් එදා මෙදා තුර රැස් කළ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 13,289 ක්.
ලකුණු 13,288 ක් රැස් කොට ටෙස්ට් ලෝකයේ වැඩිම ලකුණු රැස් කළ තුන්වෙනියා ලෙසින් ඉන්දියාවේ රහුල් ද්‍රාවිඩ් පිහිටුවා තිබූ වාර්තාව ඒ සමඟම ජැක් කලීස් එක් ලකුණකින් බිඳ දැමුවේය.
හිටපු ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් (ලකුණු 15,921) සහ ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං (13,378) පමණයි, ඊට වඩා ටෙස්ට් ලකුණු රැස් කොට තිබෙන්නේ.
ඉන් පන්දු තුනකට පසුව රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවකට නායක මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් ලබා දීමත් සමඟම කලීස් දැවී ගියේ සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ නිමාව සනිටුහන් කරමින්.
ටෙස්ට් කඩුලු 292 ක් දවා ගෙන තිබෙන ජැක් කලීස්, ටෙස්ට් උඩ පන්දු 200 ක් අල්ලා ගනිමින් ටෙස්ට් ලෝකයේ වැඩියෙන්ම උඩ පන්දු ගත් දෙවැනි ක්‍රීඩකයා බවටද පත් වී සිටියි.
අවශ්‍ය නම් එක් දින ක්‍රීඩාවේ තවදුරටත් නිරතවීමට තමන් සූදානම් බවයි, ඔහු පවසන්නේ.




