තමිල්නාඩුවේ විරෝධය මධ්‍යයේ ලාංකීය ක්‍රීඩකයෝ ඉන්දියාවට

තමිල්නාඩුවේ පැවැත්වෙන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟවලට සහභාගි වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අවසර නොදෙන්නැයි තමිල්නාඩුවෙන් මතුවන විරෝධය මධ්‍යයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ එකොලොස් දෙනෙක් ළඟදීම ඉන්දියාවට ළඟාවීමට නියමිතව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායකයා සහ හිටපු නායකයන් තිදෙනකු ඒ අතර සිටිති.
චෙන්නායි අගනුවර පැවැත්වෙන තරඟවලට ලාංකීය ක්‍රීඩකයන් සහභාගි කර නොගන්නැයි මහ ඇමතිනී ජයලිතා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය අවධානය පළ වී තිබෙන බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
ඉන්දියාවේ එක් ප්‍රදේශයක ක්‍රීඩා කිරීමට තමන්ට අවසර නොලැබීම මඟින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවනු නැති බවයි, කුමාර් සංගක්කාර පවසා තිබුණේ.
කෙසේ නමුත්, ලාංකීය ක්‍රීඩකයන් සහභාගි වන තරඟ චෙන්නායි නුවර පැවැත්වෙන විට එම තරඟවලට සහභාගි නොවීමට ඔවුන්ට සිදුවනු ඇති බව නොරහසක්.
මහා ඇමතිනී ජයලලිතාගේ ඉල්ලීමට එකඟවීම පිළිබඳව ඉන්දීය ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම අයි පී එල් තරඟාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ටද දැඩි විවේචන එල්ල වී තිබේ.
ඔවුන් යලි සියරට පැමිණෙන විට කුණු බිත්තර ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි දැඩි මතධාරී බෞද්ධ සවිධානයක් අනතුරු අඟවා තිබුණි.








