රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පිටියට

වරක ඔහු අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවෙකි. ගුවන් නියමුවෙකි. ගායකයෙකි. රගර් ක්‍රීඩකයෙකි. බහුවිධ දක්ෂතාවන්ගෙන් යුත් ඔහුගේ අලුත්ම ප්‍රවේශය ක්‍රිකට් පිටියයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා ඊයේ (ඔක්තෝබර් 27) සහභාගි විය.

කළුතර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා කණ්ඩායම අතර පැවති තරගයේ ඔහු කළුතර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදිණි.

සිය කුළුදුල් තරගයේදීම ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි රෝහිත රාජපක්ෂ මුහුණ දුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා යළි ක්‍රීඩාගාරය වෙත යැවීමට ප්‍රතිවාදී ක්‍රිඩකයන් සමත්විය.

නාවික හමුදා කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු යැවු පන්දුවක් හමුවේ රෝහිත කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී ගියේය.

ක්‍රිකට් පරිපාලනයට අදහසක් නැහැ

කෙසේවෙතත්, තමා ක්‍රිකට් පරිපාලනයය එක්වීම සඳහා අන්තර් සමාජ ක්‍රිකට් පිටියට යොමුව ඇති බවට නැගෙන චෝදනා රෝහිත රජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පිවිසීම සඳහා අනිවර්යෙන්ම ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කර තිබිය යුතුය.

චිචීගේ ප්‍රතිචාරය

තමන්ට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් රෝහිත සිය ට්විටර් ගිණුමේ ප්‍රතිචාර දක්වා තිබිණි.

"@OfficialSLC පරිපාලනය සමඟ සම්බන්ධ වීමට හෝ @LPLT20 සඳහා ක්‍රීඩා කිරීමට මට අදහසක් නැත. අදාළ පුද්ගලයාගේ තහවුරු කිරීමකින් තොරව මෙවැනි අසත්‍ය තොරතුරු මාධ්‍ය වේදිකාවල ප්‍රචාරය කිරීම ඉතා වගකීම් විරහිත හැසිරීමකි."

මේ තොරතුරු ද කියවන්න: