ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: පැරදුනත් අපේ කණ්ඩායම අපට ආඩම්බරයක් -නවසීලන්ත අගමැතිනිය
අතිශයින් තියුණු මුහුණුවරක් ගත් ක්‍රිකට් ලෝක කුසලාන මහා තරඟයෙන් තම රටේ ක්‍රිකට් කණ්ඩායම පරාජය වූ මොහොතේ තමා "බලවත් කම්පාවට" පත් වූ බව නවසීලන්ත අගමැතිනි, ජසින්ඩා ආර්ඩර්න් (Jacinda Ardern) සිනාමුසුව ප්‍රකාශ කළාය.
අගමැතිවරිය එම ප්‍රකාශය කළේ RNZ පුවත් ආයතනයට ප්‍රකාශයක් කරමිනි.
"ඒත් අපි අපේ කණ්ඩායම ගැන" වචනයෙන් කිව නොහැකි තරම් ආඩම්බට්ර වෙනවා" නවසීලන්ත අගමැතිනිය තවදුරටත් සඳහන් කළාය.
නවසීලන්තයට ලෝක කුසලානය අහිමිවීමෙන් අනතුරුව, සමාජ මාධ්‍ය ජාලයට අදහස් එක් කළ බොහෝ දෙනෙක් "නවසීලන්ත ක්‍රීඩකයන් තරගය පරාජය වුනත් ඔවුන් අපේ හදවත් දිනාගත්තා" යයි කියා සිටියහ.
ඉරිදා, ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වුන ක්‍රිකට් ලෝක කුසලාන මහා තරඟයේ දී තරග වැදුණු එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම්, තරගය නිමාවේ එකම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ අතර, සමස්ත තරගයේ දී වාර්තා කරන ලද හයේ සහ හතරේ පහර ගණන සැලකිල්ලට ගනිමින් (technical boundary rule) එංගලන්ත කණ්ඩායමට ජය අත්විය.
"මම හිතන හැටියට, සමහර විට බොහෝ නවසීලන්තවාසීන් වගේම මමත් ඉරිදා තරගයේ ප්‍රතිපලය සම්බන්ධයෙන් තවමත් පසුවන්නේ කම්පා සහගත තත්වයක" ජසින්ඩා ආර්ඩර්න් (Jacinda Ardern) පවසන්නීය.
"තරගයේ අන්තිම තීන්දුව කුමක් වුනත්, එය නොතකා අපේ කණ්ඩායම (Black Caps) ගැන අපි හිතාගන්නවත් බැරි තරමින් සාඩම්බර වෙනවා. අපේ කණ්ඩායම විශිෂ්ට විධියට ක්‍රීඩා කළ නිසා හැම නවසීලන්ත ජාතිකයෙක්ම අපේ ක්‍රීඩකයන් ගැන ආඩම්බර වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා" යයි නවසීලන්ත අගමැතිවරියගේ ප්‍රකාශයට ඇතුළත් වෙයි.
ඒ සමඟම ඇය 'ඉන්ස්ටග්‍රෑම්' (Instagram ) පණිවුඩයක් මගින් ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමටත් ශුභ පැතුවාය.
"තරගයේ එම අතිරේක ඕවරයේ දී (SUPER OVER) ජාතියක් හැටියට අපි කාටත් දැනුනේ අවුරුද්දක් වගේ කාලයක් කියල මම හිතනවා" අගමැතිනි ආර්ඩර්න් විසින් නිකුත් කරන ලද 'ඉන්ස්ටග්‍රෑම්' පණිවුඩයේ දැක්වෙයි.
බ්‍රිතාන්‍ය රජ පවුල පවා 'ට්විටර්' (Twitter) පණිවුඩයක් මගින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ප්‍රශංසාවට ලක් කර ඇත.
"නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරාම සිත් බැඳ ගන්නා මට්ටමින් තරග වැදුන" බව එලිසබත් රැජින ප්‍රකාශ කරන ලදැයි එම 'ට්විටර්' පණිවුඩයේ සඳහන් වෙයි.
"සමස්ත තරගාවලිය පුරාමත්, ඉරිදා අවසාන මහා තරගයේදීත් සිත් ඇඳ බැඳ ගනිමින් ක්‍රීඩාවේ නිරත වුන නවසීලන්ත ක්‍රිකට් අනුශූරයන්ට සානුකම්පිත හිතෛෂීභාවය පළ කිරීමට මමත් එකතු වෙනවා" බ්‍රිතාන්‍ය රැජින පවසන්නීය.
2015 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගයටත් නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලැබුවත් එම තරගයේ දී ඔවුන් ඔස්ට්‍රේලියාවට පරාජය විය.
මෙවර එංගලන්තය හමුවේ ලද පසුබෑම ඔවුන් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරග දෙකක් පිට පිට පරාජය වීමකි.
"පරාජයට පත් වුනත් ඔවුන් ක්‍රීඩාවේ සැබෑ ගුණය ප්‍රදර්ශනය කළා" නවසීලන්ත කණ්ඩායම අගයන බොහෝ ක්‍රීඩා ලෝලීහු පවසති.
"ඇතැම් අවස්ථාවල ජීවිතය අසාධාරණකම් කරනවා. නවසීලන්ත කණ්ඩායම ගැන තියෙන්නේ කනගාටුදායක හැඟීමක්! ඇත්තෙන්ම ලෝක කුසලානය ඔවුන්ට කැප නමුත් ඔවුන්ට එය අහිමි වුණා. ඒත් ඔවුන් දශ ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් දිනා ගත්තා." දක්ෂිනමූර්ති නම් ක්‍රීඩාලෝලියා සමාජ මාධ්‍ය ජලය මගින් පවසා තිබුණි.
ඉරිදා එංගලන්ත කණ්ඩායම සමඟ තරග වැදුන නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජිමී නීෂම් (Jimmy Neesham) සරදමක ස්වරයෙන් 'ක්‍රිකට් ක්‍රීඩාව තෝරා නොගන්නා' ලෙස ළමයින්ට පවසමින් 'ට්විටර්' පණිවුඩයක මෙසේ ලියා තිබුණි.
"ළමයිනි! ක්‍රීඩාවට ආශක්ත වෙන්න එපා! වෙනත් දෙයක් කරන්න. තරබාරුව වයස අවුරුදු හැටේදී මියයමු" -ජිමී නීෂම්
ඔහු නවසීලන්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැද තිබුණේ මෙවැනි වචන යොදා ගනිමිනි.
"කණගාටුයි! ඔබ හදවතින්ම ප්‍රාර්ථනා කරන ලද දෙය ගෙනත් දෙන්න අපි අපොහොසත් වුණා"
නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රොස් ටේලර් සිනාමුසුව සිටින සිය දියණියගේ සහ ශෝකයට පත් සිය පුතුගේ පින්තූරයක් පළ කරමින් මෙසේ සඳහන් කර ඇත.
"මේ වගේ ක්‍රීඩාවක් අවසානයේ ඇතිවෙන මිශ්‍ර සංවේදීභාවයේ ප්‍රකාශනයක්"
"අපේ ක්‍රීඩකයන් පිළිගන්න තියෙන හොඳම විධිය ගැන රටේ මාධ්‍ය අතර සාකච්ඡාවක් සිදු වෙමින් පවතිනවා" අගමැතිනි ජසින්ඩා ආඩර්න් මේ අතර සඳහන් කළාය.
"ඔවුන් වීරයන් විධියට පිළිගන්නවා" අගමැතිවරිය කියා සිටියාය.
"ඔවුන් එවැනි පිළිගැනීමකට සුදුසුයි"
තවත් තොරතුරු;