ක්‍රිකට් ලෝක කුසලානය: ඉන්දියාව පරදා නවසීලන්තය අවසන් තරගයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අද දින පැවැත්වුණ (ජූලි 10) ක්‍රිකට් ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ තරගයෙන් ඉන්දියාව පරදා නවසීලන්තය ජයග්‍රහණය කළේය.
ඒ අනුව, ඉරිදා (ජූලි 14) පැවැත්වෙන අවසන් තරගයට නවසීලන්තය සුදුසුකම් ලැබීය.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අඟහරුවාදා (ජූලි 09) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දු වාර 46ක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 211ක් රැස්කර ගත්හ.
බදාදා නැවතත් තරගය ආරම්භ කළ පසු නැවත ඉන්දීය කණ්ඩායමට මුහුණ දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 239ක් රැස් කළහ.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් රොස් ටේලර් (Ross Taylor) ලකුණු 74ක් රැස් කළ අතර, කේන් විලියම්සන් ලකුණු 67ක් ලබා සිටිය දී රවීන්ද්‍ර ජඩේජා ලබාගත් උඩ පන්දුවකින් දැවී ගියේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 පන්දු දෙකක දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221ක් පමණි.
ඉන්දීය කණ්ඩායමේ පළමු පිතිකරුවන් තිදෙනා ම රැස් කරගෙන ඇත්තේ එක ලකුණ බැගිනි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77ක් ලබාගත් අතර, මහේන්ද්‍රසිං ධෝනි ලකුණු 50ක් රැස් කර සිටිය දී දැවී ගියේය.
ඉන්දීය ක්‍රීඩකයන් හතර දෙනෙකු හැර අනෙක් සියලු දෙනා ලකුණු දහයට අඩුවෙන් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.
නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි කඩුලු තුනක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් (Trent Boult) සහ මිෂෙල් සැන්ට්නර් (Mitchell Santner) කඩුලු දෙක බැගින් දවා ගත්හ.
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හෙට (ජූලි 11) පැවැත්වෙන දෙවෙනි අර්ධ අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායම නවසීලන්තය සමග ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් තරගයට මුහුණ දීමට නියමිතය.








