ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට් තරග පාවාදීම: දිල්හාර ලොකුහෙට්ටිගේට තරග පාවාදීමේ චෝදනා
සිය දූෂණ මර්ධන විධිවිධාන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව චෝදනා ගොනුකරන ලද බව ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
ඒ අනුව තරග පාවාදීමට උත්සාහ කිරීම ඇතුළු ප්‍රධාන චෝදනා තුනක් ඔහුට එරෙහිව ගොනුකරනු ලැබ තිබේ.
එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් එම චෝදනා ගොනුකරන ලද බව පවසන ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය, එම චෝදනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු පසුගිය වසරේ දහයයි දහය ක්‍රිකට් ලීගයට (T10 Cricket League) අදාළ වන බව ද සඳහන් කරයි.
ඒ සමගම වහාම ක්‍රියාත්මක වන පරිදි දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පණවනු ලැබ තිබේ.
ඒ අනුව,
- තරගයක් මුදලට පාවාදීමට උත්සාහ කිරීම සම්බන්ධ 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීමට සම්බන්ධවීම
- එම වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා තවත් ක්‍රීඩකයෙකුට අනුබල දීම
- දූෂිත ක්‍රියාදාමයකට සම්බන්ධවන මෙන් කෙරුණු ආරාධනයක් හෝ ඇමතීමක් වහාම අදාළ දූෂණ විරෝධී නිලධාරියාට දැනුම්දීමට අපොහොසත් වීම
- යන චෝදනා තුන ඔහුට එරෙහිව එල්ල කරනු ලැබ තිබේ.
එම චෝදනාවලට පිළිතුරු දීම පිණිස දිල්හාර ලොකුහෙට්ටිගේට දින 14 ක කාලයක් ලබා දෙන බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
තවත් කියවන්න:
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය සහ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට එරෙහිව ද ජගත් පාලක මණ්ඩලය මීට ඉහතදී දූෂණ මර්ධන විධිවිධාන යටතේ චෝදනා ගොනු කළේය.
ක්‍රිකට් දූෂණ සම්බන්ධ පරීක්ෂණයකට සහය නොදීම සනත් ජයසූරියට එරෙහිව එල්ල වූ චෝදනාව වන අතර, නුවන් සොයිසාට එරෙහිව තරග පාවාදීමට සම්බන්ධවීමේ චෝදනා ගොනුකර තිබුණි.
ඔවුන් දෙදෙනාට එරෙහි පරීක්ෂණවල අලුත්ම තත්වය මෙතකේ අනාවරණය වී නැත.