ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශය හතුරුසිංහ පරාජය කරයි
ශ්‍රී ලංකා -බංග්ලාදේශ් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්ඩායම අද (ජනවාරි 19) සමත් වූහ.
එම ඕවර් පනහේ එක්දින තරඟය ආරම්භ කරමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් කරමින් නියමිත ඕවර් පනහ නිමාවේ කඩුලු හතක් දැවී ළකුණු 320 ක් වාර්තා කිරීමට සමත් විය.
එය ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ් කණ්ඩායම එක්දින තරඟයක දී වාර්තා කරන ලද වැඩිම ළකුණු සංඛ්‍යාවයි.
එම අභියෝගය හමුවේ ජයග්‍රහණය සඳහා ළකුණු 321 ක ඉලක්කය කරා ගමන් ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ළකුණු 157 කට සීමා කිරීමට බංග්ලාදේශ් ක්‍රීඩකයෝ සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 32යි පන්දු දෙකකදී දවා ලීමට ඔවුහු පියවර ගත්හ.
කලින් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුව සිටි චන්දික හතුරුසිංහගේ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව එම කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරඟය ද මෙයයි.
එම තරඟයේ දී ළකුණු 163 කින් ලද පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද දැවැන්තම පරාජයන්ගෙන් එකක් ලෙසත් සටහන් වෙයි.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින හෙයින් අද තරඟයේ දී කණ්ඩායම මෙහෙයවන ලද්දේ දිනේෂ් චන්දිමාල් විසිනි.
මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සහභාගී වූ තරඟයෙන් ද ලකුණු 12 කින් පරාජය විය.
සබැඳි පුවත්;