දිල්ලි දුමාරය නිසා ක්‍රිකට් තරග "නැවැත්වීමේ සැලසුමක් නැහැ"

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉන්දියාවේ දිල්ලි නුවර පවතින අධික දුමාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විඳින්නට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
එබැවින් මින් ඉදිරියට කොට්ලා ක්‍රීඩාංගණයේ තරග නොපැවැත්වීමේ කිසිදු සැලසුමක් නොමැති බවත් බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ.
කෙසේ වුවත් වායු දූෂණය ඉහළ මට්ටමක පවතින මෙවැනි කාලවල දිල්ලි නුවර තරග සංවිධානය කිරීම පිළිබඳව මින් ඉදිරියට ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමේදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ද විශ්වාස කෙරේ.
දිල්ලි නුවර මේ දිනවල පවතින අධික දුමාරය අති විශේෂ තත්ත්වයක් නොවන බව ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන්ගේ මතය වී තිබෙන බව ද බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
අධික දුමාරය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවති තුන්වෙනි ටෙස්ට් තරගය වරින්වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබිණ.
සත්කාරක නගරයේ වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වරින්වර නැවැත්වීමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය වූ අතර හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉරිදා (දෙසැම්බර් 03) මුඛවාඩම් පැළඳ තරගයට අවතීර්ණ වීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයටලක් වී තිබිණ.
එදින ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩාගාරයේ දී වමනය කළ බව මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය වෙත පවසා තිබිණ.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අඟහරුවාදා (දෙසැම්බර් 05) ක්‍රීඩාංගනයේදීම වමනය කිරීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක් වී තිබිණ.
ඒ පිළිබඳව සඳුදා (දෙසැම්බර් 04) බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ කියා සිටියේ, ඉරිදා එවැනි ගැටලුවක් පැවතුනු නමුත් සඳුදා තත්ත්වය යහපත් අතට හැරී තිබුණු බවය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණ දුන් තත්වය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ජගත් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කළේ දැයි විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
කොට්ලා ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තුන් වෙනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.











