ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට් : ජය, පැරදුම සහ උපහාසය
ඉරිදා (ජුනි 19) පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගය ඉන්දියානුවන් සහ පාකිස්තානුවන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ද වැදගත් තරගයක් වූවාට සැක නැත.
ඉන්දියාව පරාජයට පත් කරමින් පාකිස්තානය ලද විශිෂ්ට ජයග්‍රහණය හමුවේ ලාංකික ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල තුළ පළ කරන ලද අදහස්වලින් ඒ බව තහවුරු වේ.
චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට එක් වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවුයේ පාකිස්තාන කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමත් සමගය.
එහෙත් අවසන් මහා තරගයේ දී ඇතැම් ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන් පාකිස්තාන කණ්ඩායමට සහාය දැක්වීම ද විශේෂත්වයකි.
96 ලෝක කුසලානය
කෙසේ නමුත් කලාපීය අසල්වැසියන් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය පිටියට බට කළ ඔවුනොවුන් අතර පවතින්නේ අපූරු සම්බන්ධයකි.
1996 වසරේ ලහෝර් නුවර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තාන නරඹන්නන්ගෙන් ලැබුණේ දැවැන්ත සහයෝගයකි.
මෙවර චැම්පියන්ස් කුසලානයේ ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව ලද පරාජයෙන් උද්දාමයට පත් පාකිස්තාන ක්‍රිකට් ලෝලියෙකු ශ්‍රී ලංකා ජාතික ගීය ගයමින් සිය සතුට පළ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය.
චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන් සමාජ ජාල ඔස්සේ පළ කළ අදහස් සහ හුවමාරු කර ගත් ඡායාරූප සමහරක් පහත දැක්වේ.