ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පළමු පෙළ තරගවලට සමු දෙනවා - සංගා
මෙවර ප්‍රාන්ත ක්‍රිකට් වාරයෙන් පසු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන තිස් නව හැවිරිදි ක්‍රිකට් තරුව ටෙස්ට් තරග දිවියට සමු දුන්නේ 2015 වසරේදී.
ලොව වැඩිම ටෙස්ට් ලකුණු රැස් කර ගත් ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර පස් වෙනි ස්ථානයේ පසු වේ.
"මම ලෝඩ්ස් පිටියේ දින හතරක තරගයක් ක්‍රීඩා කරන අවසන් වතාව මෙයයි. තවත් මාස කීපයකින් මගේ වයස හතළිහ වෙනවා. මගේ ප්‍රාන්ත ක්‍රිකට් දිවිය අවසන් කිරීමට කාලය එළඹිලා" යනුවෙන් ඔහු බීබීසී ක්‍රීඩා සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
ද්විත්ව ශතක 11
ටෙස්ට් තරග 134 ක් ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාරතගේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 57 ට ඉහළ අගයකි.
ඊට ද්විත්ව ශතක 11 ඇතුළත් වන අතර ඔහු සරේ ප්‍රාන්ත කණ්ඩායමට එක් වූයේ 2015 වසරේ දී.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ ආලේඛ්‍ය සිතුවම් දෙකක් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය තුළ පසුගිය 18 වෙනිදා විවෘත විය.