ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහේලට එංගලන්තයෙන් නව මුහුණුවරක්
ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩක මහේල ජයවර්ධන සමඟ නව කොන්ත්රාත්තුවකට අත්සන් තැබූ බව එංගලන්තයේ ලැන්කෂයර් ප්රාන්ත ක්රිකට් සමාජය නිවේදනය කරයි.
ඒ අනුව 2017 වසරේ නැට්වෙස්ට් විස්සයි විස්ස තරගාවලිය සඳහා මහේල ජයවර්ධන ලැන්කෂයර් පිල නියෝජනය කරමින් ක්රීඩා කරනු ඇත.
මෙහි විශේෂත්වය වන්නේ ඔහු මෙම තරගාවලිය සඳහා දේශීය ක්රීඩකයෙකු ලෙස ලැන්කෂයර් ප්රාන්ත ක්රිකට් සමාජය නියෝජනය කිරීමය.
මහේල ජයවර්ධනගේ බිරිඳ ඩෙන්මාර්ක සම්භවයක් සහිත බැවින් ඔහු විදේශීය ක්රීඩකයෙකු ලෙස නොසැළකීමට ලැන්කෂයර් ප්රාන්ත ක්රිකට් සමාජය තීරණයකර තිබේ.
ලබන ජුලි මාසයේ පටන් 2017 නැට්වෙස්ට් විස්සයි විස්ස තරගාවලිය නිමවනතුරු ලැන්කෂයර් පිල වෙනුවෙන් මහේල ක්රීඩා කරනු ඇත.
මේ වනවිට කුමාර් සංගක්කාර එංගලන්තයේ 'සරේ' ප්රාන්තය වෙනුවෙන් ක්රීඩා කරන්නේ විදේශීය ක්රීඩකයෙකු ලෙසිනි.