ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් අවසන් ගමනේ ද?
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගයක් පරාජය පත් වීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට ද ඉතා කණගාටුදායක අවස්ථාවක් විය.
එම පරාජය ඉදිරියට යෑම සඳහා පාඩමක් කර ගන්නා බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ ජුනි මාසයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත Champion's Trophy' තරගාවලියේ කුසාලනය ශ්‍රී ලංකාවේ දී එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ආබාධ තත්වයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ අතර රංගන හේරත්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ජය පරාජයෙන් තොරව තරගාවලිය අවසන් කිරීමට සමත් විය.
ප්‍රථම වරට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක් පරාජය වීම ඇතැම් ක්‍රීඩා විචාරකයන්ගේ විවේචනයට ලක් විණි.
බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අභාවයට ගිය බව සඳහන් කර අයිලන්ඩ් පුවත්පත මරණ දැන්වීමක් පවා පළ කර තිබිණි.
ඒ පිළිබඳ නායක ඇන්ජලෝ මැතිව්ස් පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.