'හින්දු වතිකානය' බවට පරිවර්තන වන ලොව ප්‍රකට අයෝධ්‍යා නගරය

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියාවේ අයෝධ්‍යාහි රාම දෙවොළ මතභේදාත්මක වන්නේ ඇයි?
    • Author, සූතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු

රාම දෙවියන් ඉපදුණු ස්ථානය බවට හින්දු භක්තිකයන් විශ්වාස කරන දැඩි ආරක්‍ෂාවකින් යුත් තාවකාලිකව ඉදිකරන ලද සිද්ධස්ථානය වෙත ගොඩවැදීමෙන් පසු දරා ගත නොහැකි සීතලකින් පිරී ගිය උදෑසනක යෝගේන්ද්‍ර ගුරු වාහන තදබදයක පිළිසරණක් නොමැතිව සිරවී සිටින බවක් පෙනෙන්නට විය.

මේ මොහොතේ උතුරු ඉන්දියාවේ පිහිටා ඇති අයෝධ්‍යා නගරයේ වඩා ත් ම කැපී පෙනන ලක්ෂණය වන්නේ, එහි සෑම තැනක ම පාහේ උමතුවෙන් මෙන් සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු ය. වන්දනාකරුවන් පිළිගැනීමට විශාල මධ්‍යස්ථානයක්, ආරුක්කු හැඩයක් ගන්නා වැලිගල් දොරටු, රාම දෙවියන් වෙනුවෙන් ඩොලර් මිලියන 217ක (පවුම් මිලියන 170ක්) පිරිවැයකින් ඉදි කෙරුණු සුවිසල් නව දෙවොලකට දිවෙන පුළුල් කොරිඩෝවක් ඒ අතර වෙයි. ඇතැම් හින්දු ජාතිකවාදී නායකයින් හඳුන්වන පරිදි එය "හින්දු වතිකානයක්" බවට පත් කිරීමට, ඩොලර් බිලියන ගණනක් වැය කර සිදු කළ මෙම පරිවර්තනය සඳහා නගරයේ බොහෝ භූමි ප්‍රමාණයක් ඩෝසර් කර තිබේ.

ගුරුට පවුලේ සාමාජිකයින් 24 දෙනෙකු ද සමග මධ්‍ය ප්‍රදේශ් ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරේනා දිස්ත්‍රික්කයේ පිහිටි තම ගම්මානයේ සිට අයෝධ්‍යා නගරය වන්දනා කිරීම සඳහා පැමිණීමට පැය 14ක කාලයක දුෂ්කර බස් ගමනක නිරත වීමට සිදු විය.

"මට සතුටුයි අවසානයේ අපිට අලුත් දෙවොලක් ලැබෙනවා. නිදහස් හැඟීමක් අත්විඳිමින් හින්දු භක්තිකයෝ අවදි වෙලා වගේ. මීට කලින් අපිට නැගිටින්න ඉඩක් දුන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය," ඔහු මා හා පැවසීය.

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් (ජනවාරි 22 වැනිදා) විවෘත කරනු ලැබූ ඉන්දියාවේ වඩා ත් ම මතභේදාත්මක ආගමික ස්ථානවලින් එකක් වන මෙහි කලකට පෙර පැවති 16 වන සියවසේ මුස්ලිම් පල්ලිය ප්‍රතිස්ථාපනය කරමින් විවෘත කළ මන්දිරය හරහා දශක ගණනාවක් පුරා බලා සිටි හින්දු ජාතිකවාදී ප්‍රතිඥාවක් ඉටු කරනු ඇත.

1992 වසරේදී හින්දු කලහකාරී පිරිසක් විසින් එහි වූ බාබ්රි මස්ජීදය විනාශ කරනු ලැබුවේ, එය මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් රාම දෙවොලක නටඹුන් මත ඉදිකරන ලද බව පවසමින් වන අතර එම සිදුවීම ජීවිත 2,000කට ආසන්න සංඛ්‍යාවක් බිලිගත් රට පුරා කැරලි ඇති කිරීමට තුඩු දුන්නේ ය.

Workers atop the under construction Ram Temple in Ayodhya, Uttar Pradesh, India, on Friday, Dec. 29, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අක්කර 7.2ක් පුරා විහිදී ඇති මෙම තෙමහල් දෙවොල, වැලිගල්වලින් ආවරණය වී ඇති අතර කළුගල් අත්තිවාරමක් මත පිහිටා ඇත්තේ ඉහළට නැගෙන කුළුණු ද සමග ය

එහි වූ මුස්ලිම් පල්ලිය කඩා දැමීම "නීතියේ ආධිපත්‍යය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්" බව පැහැදිලිව ම ප්‍රකාශ කර තිබියදීත්, හින්දු සහ මුස්ලිම් වැසියන් අතර එහි අර්බුදකාරී හිමිකාරිත්වය පිළිබඳ ආරවුල අවසන් වන්නේ, 2019 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය හින්දු භක්තිකයින්ට ලබා දෙනු ලැබීමත් සමග ය. (අධිකරණය මුස්ලිම් වැසියන්ට අයෝධ්‍යාවේ පිහිටි වෙනත් ඉඩමක් මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා ලබා දුන්නේ ය.)

විවේචකයින් පවසන්නේ, මෙම දෙවොල විවෘත කිරීමේ කාලය සැලකූ විට එය ආගමික වැදගත්කමට වඩා මැතිවරණයට පෙර හින්දු ජාතිකවාදී ගාමක බලවේගයක් ගොඩනගන දේශපාලන මූලෝපාය දෙසට නැඹුරු වන බව ය.

මෝදි මෙම මන්දිරය විවෘත කරනු ලැබුවේ, සිය භාරතීය ජනතා පක්ෂය තෙවන වරටත් වාර්තාගත ලෙස එරට පාලන බලය ලබා ගැනීමට අපේක්ෂවෙන් සිටින මහ මැතිවරණයට මාස කිහිපයක් තිබියදී ය. ඔහු පවසන්නේ මෙම නව මන්දිරය "රට එක්සත් කරන" බව ය. මෙම සිද්ධස්ථානය "ඉන්දියාවේ සංස්කෘතික පුනර්ජීවනයේ ආරම්භය සහ ජාතික අභිමානය ප්‍රතිෂ්ඨාපනය කිරීම" සනිටුහන් කරනු ඇති බව" ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රාජ්නාත් සිංගේ විශ්වාසය යි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විවේචකයින් පවසන්නේ, විවෘත කිරීමේ කාලය සැලකූ විට එය ආගමික වැදගත්කමට වඩා මැතිවරණයට පෙර හින්දු ජාතිකවාදී ගාමක බලවේගයක් ගොඩනගන දේශපාලන මූලෝපාය දෙසට නැඹුරු වන බව ය. ඉන්දීය දේශපාලනය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ස්ථානයකට තල්ලු කිරීමට මෙම මන්දිරය ගොඩනැගීමේ ව්‍යාපාරය ප්‍රධාන සාධකයක් වූ බවට ඔවුහු තර්ක කරති.

"කූඩාරමක දිවි ගෙවූ රාම දෙවියන්ට දැන් නියම වාසස්ථානයක් හම්බ වෙලා තියෙන්නේ. ඒක අපි හැමෝගෙම ඉවසීම ගැන සිදු කළ පරීක්ෂණයක්," යැයි පසුගිය දශක තුනක කාලය පුරා ප්‍රමාණයෙන් කුඩා රාම දෙවියන්ගේ පිළිමයක් තැන්පත් කර තිබූ මෙම තාවකාලික මන්දිරයේ ප්‍රධාන පූජක 86 හැවිරිදි සත්‍යයෙන්ද්‍ර දාස් පැවසීය.

මෙම නව මන්දිරය ඒ තරමට ම සුවිසල් ය. අක්කර 70ක සංකීර්ණයක අක්කර 7.2ක් පුරා විහිදෙන, රෝස වැලිගල්වලින් ආවරණය වී ඇති කළුගල් අත්තිවාරමක් මත පිහිටා තිබෙන තෙමහල් ගොඩනැගිල්ල, උස් කුළුණුවලින් සමන්විත වන අතර වර්ග අඩි 70,000ක් (වර්ග මීටර් 6,503) පුරා අතුරා ඇති උසස් තත්ත්වයේ සුදු කිරිගරුඬ පොළොවකින් ද සමන්විත ය. එහි අඟල් 51ක් (අඩි 4.25) උස රාම දෙවියන්ගේ පිළිමයක් කිරිගරුඬ පීඨිකාවක් මත තබනු ඇත.

අගමැති මෝදි විසින් ජනවාරි 22 වන දා විවෘත කරනු ලැබූවේ, මෙහි බිම් මහල පමණක් වන අතර, ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් වූ පසු, ඒ වෙත වසර අවසානය වන විට, දිනකට සංචාරකයින් (වර්තමානයේ පැමිණෙන ගණන මෙන් හත් ගුණයක්) පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 Preparation at Maharshi Valmiki International Airport Ayodhya ahead of its inauguration by Prime Minister Narendra Modi on December 29, 2023 in Ayodhya, India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අයෝධ්‍යාවේ පරිවර්තනයට නව ගුවන් තොටුපළක් ද ඇතුළත් වේ...
View of newly built Ayodhya Railway station on December 27, 2023 in Ayodhya, India.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දැවැන්ත නව දුම්රිය ස්ථානයක් ද ඇත

ගංගා නම් නදියේ ගංගාවක් වන සර්යු ගංගා ඉවුරේ පිහිටි නිසංසල වන්දනා නගරයක් වන අයෝධ්‍යාව, නිලධාරීන් හඳුන්වන පරිදි "මිනිසුන් වන්දනාකරුවන් ලෙස සහ සංචාරකයින් ලෙස පැමිණෙන සහ ඉතා උසස් මට්ටමේ නගරයක්" බවට පරිවර්තනය කිරීමට මෝදිගේ රජය අසීමිත උත්සහයක් දරයි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 3.85ක (පවුම් බිලියන 3.01) වියදමකින් සිදු කෙරෙන මෙම පරිවර්තනයට පුළුල් කරන ලද මාර්ග, ආකර්ශණීය නව ගුවන් තොටුපළක්, දැවැන්ත දුම්රිය ස්ථානයක් සහ තට්ටු කිහිපයකින් යුක්ත රථගාලක් ඇතුළත් වේ. මන්දිරයට පිවිසෙන අලුතින් නම් කරන ලද කිලෝමීටර් 13ක (සැතපුම් 8) 'රාම් පාත්' ඇතුළුව ප්‍රධාන මාර්ග හතරක් පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීමට නිවාස, සාප්පු සහ "ආගමික ස්වභාවයේ ගොඩනැගිලි" 3,000කට වැඩි ගණනක් සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් කඩා දමා ඇත. ලා කහ පැහැති වර්ණය දැන් ගොඩනැගිලිවලට සමරූපී මෙන් ම, සෞම්‍ය පෙනුමක් ලබා දෙයි.

Radisson සහ Taj වැනි හෝටල් දාමයන් නව හෝටල් සහ සංචාරකයින්ට නවාතැන් ගත හැකි නිකේතන 50ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර පැරණි තත්ත්වයේ ඇති නවාතැන්පොළවල් විශාල ගණනකට නව මුහුණුවරක් ලැබෙනු ඇත. ඉඩම්වල මිල ගණන් දැනටමත් තුන් ගුණයකින් ඉහළ ගොස් තිබීම පුදුමයක් නොවේ.

"ඔබට මෙතන හඳුනා ගන්න බැහැ, ඒ තරමට ම දැන් වෙනස් වෙලා. ඇත්ත වශයෙන් ම මේ සියල්ල සිදුවී තිබීම ගැන තරමක කම්පනයක් හා විස්මයක් දැනෙනවා," යැයි 2016 වසරේ සිට අයෝධ්‍යා නගරයේ සංචාරය කරන Ayodhya: City of Faith, City of Discord ග්‍රන්ථයේ කර්තෘ වාලේ සිං පැවසීය.

රාමගේ ජීවිතය නිරූපණය කරන බිතුසිතුවම් 162කින් සමන්විත උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන ඇවිද යා හැකි මං තීරුවක්, සර්යු ගංගාවේ පිහිටි දූපතක ස්ථාපනය කෙරෙන "වෛදික ශිෂ්ටාචාරය පිළිබඳ අවබෝධයක්" ලබා දෙන මධ්‍යස්ථානයක්, මංගල උත්සව පැවැත්වීමට නගරයක් සහ ස්වභාවික චිකිත්සක ක්‍රම ඇතුළත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම ඇතුළු අමතර ආකර්ෂණීය ස්ථාන නව මන්දිරය වටා නිර්මාණය කිරීමේ සැලසුම් ද පවතියි.

"අපට අවශ්‍ය වන්නේ ලෝකයේ ලස්සන ම නගරය නිර්මාණය කිරීමට යි," අයෝධ්‍යාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ගෞරව් දයාල් පවසයි.

Ayodhya

ඡායාරූප මූලාශ්‍රය, BIMAL THANKACHAN

ඡායාරූප ශීර්ෂ වැකිය, වන්දනා කටයුතු කෙරෙන කොරිඩෝ පුළුල් කිරීම සඳහා නිවාස සහ කඩසාප්පු 3,000කට වැඩි ගණනක් සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් කඩා දමා ඇත
Ayodhya

ඡායාරූප මූලාශ්‍රය, Bimal Thankachan

ඡායාරූප ශීර්ෂ වැකිය, වන්දනා කටයුතු කෙරෙන කොරිඩෝවකට පිවිසෙන මාර්ගය පුළුල් කිරීම සඳහා විශාල් පාණ්ඩේට පරම්පරාවෙන් උරුම වූ කාමර හයකින් යුත් නිවසින් අඩක් කඩා දමා ඇත

අක්‍රමවත් නගරයක් මුර කිරීමට මෙන් අහස උසට නැගෙන දෙවොල් සහ පූජකවරුන් වීදි සංචාරය කරන අයෝධ්‍යාවේ සෑම ජීවිතයක් ම භක්තියෙන් පිරී යනු ඇත. අවම වශයෙන් වසරකට දෙවරක් හෝ වන්දනාකරුවන් දස දහස් ගණනක් නගරය වටා ගමන් කරනු ඇත. සෑම තැනක ම පාහේ සිටින රිලවුන්ට නිදහසේ සැරිසැරීමට තව දුරටත් ඉඩහසර ලැබෙනු ඇත. කඩපොළවල් ආගමික වටිනාකමකින් යුක්ත මල්, සඳුන්, ආගමික පොත්, දේවතා අනුරූ අලෙවි කරන වෙළෙන්දන්ගෙන් පිරී යනු ඇත.

සිං එය "ශක්තිමත් නොවන, වන්දනාකරුවන් මත යැපෙන ආර්ථිකයක්" ලෙස විස්තර කරයි. ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ ෂිලොන්ග් නගරයේ ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යාවක වන දිෂා චක්‍රබෝර්ති එහි සිදු කළ පළමු සංචාරය ගැන මා හා මෙසේ පැවසුවා ය: "අවංකව ම කිව්වොත් මේ ප්‍රදේශය ජරාවාස වෙලා. ඒත් මිනිස්සු සෑහෙන්න භක්තිවන්ත වෙලා නිසා ඒක කමක් නැහැ කියමුකෝ. මිනිස්සු අතරේ සාමූහික විශ්වාසයක් තියෙනවා දේව ප්‍රතිමාව ගැන."

එහෙත්, විශාල හා කුඩා ප්‍රමාණයේ දෙවොල් දහස් ගණනකින් සහ මුස්ලිම් පල්ලි 45කින් පමණ සහ උත්සව හා සල්පිල්වලින් යුත් මෙම නගරයේ, පැරණි දේ අලුත් දේ සමග මුසු කරමින් පරිවර්තනයක් සිදුවෙමින් පවතියි.

පච්චා කෙටීමේ ස්ථාන සහ ආහාර පාන මිලට ගත හැකි ස්ථාන මෙන් ම 'Dark Cloud' නමැති අවන්හලක් සහ 'Stylish Chand Men's Parlour' නමැති විවිධ විලාසිතා අනුව කොණ්ඩා කැපීමේ ස්ථානයක් ද එහි තිබේ. අඳුරු වැටුණු පසු ලේසර් සංදර්ශන අහස ආලෝකමත් කරයි. මෙම ස්ථානය තරගකාරී යූටියුබ්කරුවන් සහ ඉන්ස්ටග්‍රෑම් රීල් නිර්මාණය කරන්නන්ගෙන් පිරී ඇති අතර ඔවුන් එකිනෙකා මෙම ස්ථානය "සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කිරීමට" උත්සහ කරති.

Shakila Bano, 38 years old, makes a garland of Marigold flowers at her house as the construction site of Hindu Ram Temple is seen in the background, in Ayodhya, India, November 22, 2023. REUTERS/Anushree Fadnavis

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ශකිලා බානෝ ඇගේ නිවසට වී දාස්පෙතියා මල් මාලයක් සාදන අයුරු - අයෝධ්‍යාවේ දෙවොල් ආර්ථිකය එහි දිවි ගෙවන මුස්ලිම් වැසියන් මත රඳා පවතියි

භක්තියෙන්, සම්ප්‍රදායෙන් සහ කුතුහලයෙන් ආනුභාව ලත් මිලියන සංඛ්‍යාත බැතිමත්තු සහ සංචාරකයෝ මෙම නව මන්දිරය විවෘත කිරීමත් සමග අයෝධ්‍යා නගරය වෙත පැමිණීමට අපේක්ෂා කරති. නමුත් මතුපිටින් සියලු දෑ සාමකාමී බවක් පෙනෙන්නට තිබුණ ද, මිනිසුන් තෘප්තිමත් නොවන බවට වන ඇඟවීම් ද තිබේ. වන්දනාකරුවන් සඳහා මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නගරය හරහා සිදු වූයේ බුල්ඩෝසර් මගින් කඩා දැමූ නිවාස සහ සාප්පුවලට අත්වුණු ඉරණම පෙන්නුම් කරමිනි.

ප්‍රදේශයේ සාප්පු හිමියන්ගේ සංගමයක ප්‍රධානියා වන ආනන්ද් කුමාර් ගුප්තා පැවසුවේ, ඔවුන්ගෙන් 1,600ක් පමණ “අවතැන් වී ඇති අතර යන්නට තැනක් නොමැති” බව ය. අලුත්වැඩියා කටයුතු කර ගැනීම සඳහා ඔවුන්ට සාමාන්‍යයෙන් රුපියල් 100,000 (ඩොලර් 1,200) මුදලක් ගෙවන ලද බව ඔහු පැවසීය. "මේ නැවත ගොඩනැගීම අපට බාධාවක් වෙලා," ඔහු පැවසීය.

වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයක පුළුල් කිරීමේ කටයුතු හේතුවෙන්, නගරයේ දෙවොල්වල රැකියා කටයුතුවල නිරතව සිටින පුද්ගලයින්ගේ නිවාස 36ක් පමණ අර්ධ වශයෙන් විනාශ විය. එම වීදිය කාන්දු වන පයිප්පවලින් නිකුත් වන අපද්‍රව්‍යවලින් පිරී යමින් පවතියි. ඒ මේ අත පැද්දෙන අඩමානයට ඉදිකර ඇති උණ පාලම් මඩ සහිත අගල්වලට ඉහළින් විහිදේ. සම්පූර්ණයෙන් ම විනාශ වූ නිවාසවල හිමිකරුවන්ට දුරින් ඉඩම් ලබා දී ඇත.

විශාල් පාණ්ඩේ සඳහන් කළේ, මාර්ගය පුළුල් කිරීම සඳහා තමන්ට පරම්පරාවෙන් උරුම වූ කාමර හයකින් යුත් නිවසින් අඩක් කඩා දමා ඇති බව ය. බලපෑමට ලක්වූ කොටස සඳහා රුපියල් ලක්ෂ 7කට ආසන්න වන්දියක් ලබා දී තිබියදීත්, අට දෙනෙකු දිවි ගෙවන මෙම පරම්පරාගත වාසස්ථානයට වූ හානිය ආපසු හැරවිය නොහැකි බව ඔහු තවදුරටත් පැවසීය. "ප්‍රදේශවාසීන් කෝපයෙන් ඉන්නේ," පාණ්ඩේ මා හා පැවසීය. "ඒත් රාමට අන්තිමට ස්ථීර නිවසක් ලැබෙන එක ගැන අපිත් සතුටුයි. එයා මෙච්චර කල් කූඩාරමක හිටියේ. දැන් අපේ වාරය ඇවිත් [දුක් විඳින්න].

"විනාශය තියෙන තැන සංවර්ධනය තියෙනවා. බලමු මොක ද වෙන්නේ කියලා."

 Local vendor named Udaikant Jha selling religious items near Dashrath Mahal on December 22, 2023 in Ayodhya, India.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කඩපොළවල් ආගමික වටිනාකමකින් යුක්ත භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දන්ගෙන් පිරී ඇත

තම නිවසින් අඩක් අහිමි වූ කාන්ති දේවිගේ හඬ තියුණු ය. "අපි කොහෙත් ම සතුටු නැහැ," ඇය පවසයි. "නිලධාරීන් පවා ඇවිත් කියනවා අපි ඔබට විශාල වේදනාවක් දෙනවා කියලා. දෙවොල හදපු එක හොඳයි, ඒත් ඒක අපිට පිහිට වෙන්නේ කොහොම ද? අපි මොනවා හැදුවත්, ඒ අය තවත් වන්දනාකරුවන් නගරයට අරගෙන එන්න ඒවා විනාශ කරලා දාලා."

කඩා දැමූ වාසස්ථාන සහ වෙළෙඳසල්වල පදිංචිකරුවන්ට රජයේ යෝජනා ක්‍රම යටතේ මුදල් සහ නව නිවාසවලින් වන්දි ලබා දී ඇති බව නිලධාරීහු පවසති. "සියලු වන්දි ලබා දීලා තියෙන්නේ. පවුල් ආරවුල් සම්බන්ධ නඩු නිසා සමහර අවස්ථාවල ඒවා ප්‍රමාද වෙනවා. හැමදේ ම කරලා තියෙන්නේ," දයාල් පවසයි.

හින්දු සහ මුස්ලිම් වැසියන් මිශ්‍රව අසල්වැසි ප්‍රදේශවල දිගු කලක් ජීවත් වූ අයෝධ්‍යාවේ ඉරණම , බොහෝ ආකාරවලින් පිටතින් පැමිණෙන මිනිසුන් විසින් තීරණය කොට තිබේ.

එය 1992 දෙසැම්බරයේදී මුස්ලිම් ජාතිකයන් 18 දෙනෙකුගේ මරණයට සහ ඔවුන්ගේ නිවාසවලට ගිනි තැබීමට හේතු වූ බව කියනු ලබන කඩා බිඳ දැමීම සහ පසුව ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ට එල්ල වූ ප්‍රහාරය නොතකා විඳදරා ගැනීමට ඉඩ සෑදී ය. එය ආගමික ප්‍රචණ්ඩත්වයේ ප්‍රකට ස්ථානය බවට පත් වූ නගරයකි.

"අපි ඒ දේවල් අත් ඇරලා ඉදිරියට ගිහින් තියෙන්නේ. ඒ කොහොම වුණත්, ඒ සිදුවීම් අපට වේදනාවක් ලෙස පවතීවි," සමාජ සේවකයෙකු වන ඛලීක් අහ්මඩ් ඛාන් පැවසීය.

ඛාන් විශ්වාස කරන්නේ, හින්දු සහ මුස්ලිම් වැසියන් සියවස් ගණනක් පුරා අයෝධ්‍යාවේ සහයෝගයෙන් සිටි බව ය. "රාම කෙරෙහි තියෙන හින්දු භක්තිය මුස්ලිම් වැසියන්ගේ සහයෝගයත් සමග බැඳිලා තියෙන්නේ. විශේෂයෙන් මේ මන්දිර ඔවුන්ගේ වෙළෙඳ කටයුතුවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා ආර්ථිකය තුළ. මේ ප්‍රජාවන් දෙක වෙන් කරන්න බැහැ."

ප්‍රදේශයේ විද්‍යාලයක මහාචාර්යවරයෙකු වන රගුවංශ මනිගේ අදහස ද ඊට සමාන විය: "බෙදුම්වාදී ප්‍රශ්නය ආවේ පිටතින්; මෙහේ ඉන්න මිනිස්සු ඒකට සම්බන්ධ නැති තරම්." නව මන්දිරය අයෝධ්‍යාව ලෝකයට විවෘත කිරීම අරමුණු කරගත් බැවින්, පිටස්තරයින් ඔවුන්ගේ ඉරණම තීරණය කරන බව හැඟෙන ඇතැම් ප්‍රදේශවාසීහු ද ඊට සමාන අදහස් පළ කළහ.

"කාලයත් එක්ක දැනගන්න ලැබේවි," පාණ්ඩේ පවසයි.