අයෝධ්‍යා ප්‍රහාරය;බීජේපී ජ්‍යෙෂ්ඨ නායකයන්ට අපරාධ චෝදනා

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කීප දෙනකුට එරෙහිව සාපරාධී කුමන්ත්‍රණ චෝදනා යටතේ නඩු විභාග කළ යුතුව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙයින් වසර විසි පහකට පෙර 1992 දී අයෝධ්‍යාවේ බබ්රි(Babri) මුස්ලිම් පල්ලිය විනාශ කර දැමීමේ අපරාධය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් විභාගයට ගනු ලැබුණ නඩු විභාගය සම්බන්ධයෙනි.
අයෝධ්‍යාවේ මුස්ලිම් පල්ලිය කඩා බිඳ හෙළනු ලැබීම මිනිස් ජීවිත දෙදාහක් පමණ විනාශ කෙරුණ හින්දු - මුස්ලිම් ගැටුම් රැල්ලක් පැතිර යාමට හේතු විය.
එම මුස්ලිම් විරෝධී ප්‍රහාර සහ පල්ලිය බිමට සමතලා කර දමනු ලැබීමේ අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබන්නන් අතර භාරතීය ජනතා පක්ෂයේ හිටපු නියෝජ්‍ය අගමැති එල්.කේ.අද්වානි සහ වර්තමාන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වන උමා භාරතී ද සිටිති.

ඔවුන් ඇතුළු චුදිතයෝ තමන්ට එරෙහි චෝදනා බැහැර කරති.
අද බදාදා(19) සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අධිකරණ ක්‍රියාමාර්ගය කඩිනම් කටයුත්තක් ලෙස සලකමින් වසර දෙකක කාලයක් ඇතුළත එය විභාග කොට නිමකළ යුතු බවත් නියෝග කළේය




