රුසියාව-යුක්රේනය: මේ වසරේ දී තිරසාර සාමයක් අත්කර ගත හැකි බව සෙලෙන්ස්කි පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, රොබට් ග්‍රීනල් සහ ජෝර්ජ් රයිට්
- Role, බීබීසී පුවත්
- කියවීමේ කාලය: මිනිත්තු 5
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කතා කිරීමෙන් දිනකට පසු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොලොදිමීයර් සෙලෙන්ස්කි සමඟ ඔහු විසින් හැඳින්වූ පරිදි "ඉතා හොඳ" පැයක දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ "මේ වසරේ තිරසාර සාමයක් අත්කර ගත හැකි" යැයි තමා විශ්වාස කරන බව සෙලෙන්ස්කි පසුව පැවසීය.
යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර එක්සත් ජනපද හිමිකාරිත්වය යටතට පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන ලද බව ධවල මන්දිරය පැවසූ, නමුත් සෙලෙන්ස්කි පසුව ප්‍රකාශ කළේ මෙය රුසියාව අත්පත් කර ගෙන සිටින සපොරිෂියා බලාගාරය ගැන පමණක් බවයි.
පෙනෙන පරිදි සුහදශීලී මෙම සංවාදය, පසුගිය මාසයේ සෙලෙන්ස්කි ධවල මන්දිරයේ කළ සංචාරයට වඩා කැපී පෙනෙන ලෙස වෙනස් විය. එහිදී නායකයින් දෙදෙනා - එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සමඟ - දැඩි වචන හුවමාරුවකට මැදි වූහ.
මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of YouTube post, 1
ඕවල් කාර්යාලයේ පැවති හමුවෙන් පසු නායකයින් දෙදෙනා කතා කළ පළමු අවස්ථාව බදාදා සනිටුහන් විය - එම හමුවෙන් අනතුරුව ඔවුන්ගේ කණ්ඩායම් සෞදි අරාබියේදී හමුවී යෝජිත දින 30ක සටන් විරාමයක් ඇති කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා කළේය.
යුක්රේනයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඊට හිමි වුවද, අඟහරුවාදා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ පැවති දුරකථන සංවාදයේදී පුටින් ගැටුමට පුළුල් සටන් විරාමයක් ලබා දීමේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කළ සංවාදයේදී, සෙලෙන්ස්කි පැවසුවේ බලශක්ති යටිතල පහසුකම්, දුම්රිය සහ වරාය පහසුකම් වලට ප්‍රහාර නතර කිරීම ඇතුළත් අර්ධ සටන් විරාමයකට තමන් විවෘත බවයි - නමුත් රුසියාව සටන් විරාමයේ නියමයන් උල්ලංඝණය කළහොත් තම රට ඊට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට යුක්රේන ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.
"අපි (රුසියාව සමඟ) එකඟ වෙනකන්, අර්ධ සටන් විරාමයක් පිළිබඳ ලියවිල්ලකට එළඹෙනකන් , සියළු යානා පියාසර කරයි කියලා මම හිතනවා," ඔහු ඩ්‍රෝන යානා සහ මිසයිල ගැන සඳහන් කරමින් පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
යුක්රේනය සහ රුසියාව "ඔවුන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතා අනුව" පෙළගැස්වීම අරමුණු කරගත් බව ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් පැවසූ අතර, සටන් විරාම උත්සාහයන් නිසි පරිදි සිදුවෙමින් පවතින බව අවධාරණය කළේය.
පසුව, වඩාත් සවිස්තරාත්මක ප්‍රකාශයකින් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ, විශේෂයෙන් යුරෝපයේ අතිරේක ගුවන් ආරක්ෂක පද්ධති ලබා ගැනීමට යුක්රේනයට උදව් කිරීමට ට්‍රම්ප් එකඟ වූ බවයි.
"යුද පිටියේ තත්ත්වය වර්ධනය වන විට ඔවුන්ගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය අතර සමීපව තොරතුරු බෙදා ගැනීමටද නායකයින් දෙදෙනා එකඟ වූණා", ඔහු පැවසීය.
බදාදා මාධ්‍යවේදීන්ට මාර්ගගත සාකච්ඡාවකදී ට්‍රම්ප් සමඟ කළ සංවාදය "ධනාත්මක", "අවංක" සහ "ඉතා වැදගත්" එකක් ලෙස විස්තර කළ සෙලෙන්ස්කිට මෙම වර්ධනය වන මෙම තත්ත්වය සැබවින්ම සහනයක් වනු ඇත.
"ඇමරිකාව සමඟ, ජනාධිපති ට්‍රම්ප් සමඟ සහ ඇමෙරිකානු නායකත්වය යටතේ, මේ වසරේ කල් පවතින සාමයක් අත්කර ගත හැකි යැයි අපි විශ්වාස කරනවා," ඔහු X හි සටහන් කර තිබිණි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කියෙව් කලාපයට හදිසි ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසුව, යුක්රේන හමුදා රුසියාවේ බටහිර කර්ස්ක් කලාපයේ රැඳී සිටින තාක් කල්, පුටින් පූර්ණ සටන් විරාමයකට එකඟ නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව වාර්තාකරුවන් සමඟ වීඩියෝ ඇමතුමක් අතරතුර සෙලෙන්ස්කි පැවසීය.
බලශක්ති යටිතල පහසුකම් වලට එල්ල වන ප්‍රහාර නැවැත්වීමට එකඟ වන බව සෙලෙන්ස්කි සහ පුටින් පවසා ඇත. කෙසේ වෙතත්, එතැන් සිට අඛණ්ඩව එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් දෙපාර්ශවය ම එකිනෙකාට චෝදනා කර ගෙන ඇත.
සෙලෙන්ස්කි සමඟ බදාදා පැවති ඇමතුම පැයක් පමණ පැවති බව ට්‍රම්ප් පැවසීය.
"සාකච්ඡාවේ වැඩි කොටසක් පදනම් වූයේ ඊයේ ජනාධිපති පුටින් සමඟ කළ ඇමතුමත් එක්ක රුසියාව සහ යුක්රේනය යන දෙපාර්ශවයම ඔවුන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතා අනුව පෙළගැස්වීමට," ඔහු Truth Social හි ලියා තිබිණි.
ඉදිරි දිනවලදී යුක්රේනයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික කණ්ඩායම් සෞදි අරාබියේදී හමුවීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
පසුගිය මාසයේ ධවල මන්දිරයේදී ට්‍රම්ප් සෙලෙන්ස්කිට පැවසුවේ එක්සත් ජනපද මිලිටරි සහ දේශපාලන සහයෝගයට ඔහු ප්‍රමාණවත් ලෙස ස්තූති නොකරන බවත්, සෙලන්ස්කි "තුන්වන ලෝක යුද්ධය සමඟ සූදු ක්‍රීඩා කරන" බවත්ය.
ඉන්පසු එක්සත් ජනපදය යුක්රේනය වෙත හමුදා ආධාර සහ බුද්ධි තොරතුරු හුවමාරුව තාවකාලිකව අත්හිටුවන ලද නමුත්, රාජ්‍ය තාන්ත්‍රිකයින්ට නැවත සබඳතා වැඩිදියුණු කර ගැනීමට හැකි වූ අතර මාර්තු 11 වන දින දෙපාර්ශ්වය සටන් විරාමයකට එකඟ විය.
අඟහරුවාදා ට්‍රම්ප් සමඟ කළ ඇමතුම අතරතුර, යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන රුසියානු ප්‍රහාර නැවැත්වීමට පුටින් එකඟ විය.
නමුත් සම්පූර්ණ සටන් විරාමයක් ක්‍රියාත්මක වන්නේ යුක්රේනයේ ආධාරකරුවන් හමුදා ආධාර ලබා දීම නැවැත්වුවහොත් පමණක් බව ඔහු පැවසීය - මෙය යුක්රේනයට හිතවත් යුරෝපා රටවල් මීට පෙර ප්‍රතික්ෂේප කළ කොන්දේසියකි.
පැය කිහිපයකට පසු යුක්රේනය සහ රුසියාව ප්‍රහාර දියත් කළ අතර, යුක්රේනය පැවසුවේ තම රෝහල් ඉලක්ක කර ඇති බවයි.
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් තෙල් ගබඩාවක කුඩා ගින්නක් ඇති වූ බව දකුණු රුසියාවේ ක්‍රස්නෝඩර් කලාපයේ නිලධාරීහූ පැවසූහ.
මෙම ප්‍රහාර නොතකා, කියෙව් සහ මොස්කව් බදාදා සිරකරුවන් හුවමාරු කර ගත්හ. සෑම පාර්ශ්වයක්ම යුද සිරකරුවන් 175 දෙනෙකු බැගින් නිදහස් කළහ.
සෙලෙන්ස්කි මෙම හුවමාරුව "විශාලතම එකක්" ලෙස විස්තර කළ අතර, රුසියාවට භාර දුන් පිරිස අතර "දරුණු ලෙස තුවාල ලැබූ" සොල්දාදුවන් 22 දෙනෙකු ඇතුළත් වූ බව පැවසීය.

































