ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉල්ලීම් කීපයක් මුල්කරගෙන උතුරු නැගෙනහිර හර්තාලයක්
දෙමළ දේශපාලන පක්ෂ හතක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් උතුරු නැගෙනහිර පළාත් තුළ අද (ඔක්. 20) හර්තාලයක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.
මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවණරාජාට සිදුවූබව පැවසෙන තර්ජනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටු කිරීම, උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් විහාරස්ථාන ඉදිකිරීම නැවැත්වීම හා මඩකලපුව, මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ කිරි ගොවීන් භාවිතා කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීමට විරුද්ධත්වය පළ කිරීම සඳහා හර්තාලය කැඳවා ඇත.
මාවෙයි සේනාධිරාජා නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, සී.වී විග්නේශ්වරන් නායකත්වය දරන දෙමළ ජනතා සන්ධානය, සිද්ධාර්ථන් නායකත්වය දරන ප්ලොට් සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ්. පක්ෂය, එස්. ශ්‍රීකාන්තා නායකත්වය දරන දෙමළ ජාතික පක්ෂය, සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරන ටෙලෝ සංවිධානය, පුනරුත්ථාපනය ලැබූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ජනනායක පෝරාලි කච්චි (ප්‍රජාතන්ත්‍රවාදි සටන්කාමී පක්ෂය) යන සංවිධාන ඒකාබද්ධව මෙම හර්තාලය කැඳවා තිබේ.
මහේස්ත්‍රාත් සරවණරාජාට එල්ලවූ බව පැවසෙන බලපෑම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකළ යුතු බවට අදාළ පිරිස් ඉල්ලීම් කරති.
මඩකලපුව මයිලතමඩු ප්‍රදේශයේ නව බුදු පිළිමයක් තැන්පත් කිරීමට පිරිසක් කටයුතුකොට ඇතැයි පවසන හර්තාලයට සම්බන්ධ පිරිස්, උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීම නවතා දැමිය යුතු බවට ද ඉල්ලා සිටියි.
හර්තාලය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් තුළ කඩ සාප්පු වසා දමා තිබුණු නමුත් වවුනියාව ප්‍රදේශයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙයි.
පාසල් දරුවන් වෙනුවෙන් වාර විභාග පැවැත්වෙන බැවින් දරුවන් සාමාන්‍ය පරිදි වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් වෙත පැමිණි අතර, රාජ්‍ය ආයතන ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය.
පාසල් දරුවන්ගේ විභාග පැවැත්වෙන බැවින් බස් රථ සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව පළාත් පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කර තිබේ.