'පෘථිවියේ සැබෑ වීරවරිය': ඩොක්ටර් ඩූලිට්ල් සහ ටාසන්ගෙන් ආභාෂයෙන් ලෝක ප්‍රකට චිම්පන්සි පර්යේෂිකාවක වූ ජේන් ගුඩෝල්ගේ දිවි ගමන
- Author, මායා ඩේවිස්
- Role, බීබීසී පුවත්
- Author, හැරී සෙකුලික්
- Role, බීබීසී පුවත්
චිම්පන්සියන් පිළිබඳ ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥවරියක වූ සත්ව සංරක්ෂණවේදිනී ජේන් ගුඩෝල් වයස අවුරුදු 91දී මිය ගියා ය.
ඇගේ නිරීක්ෂණ මිනිසුන් චිම්පන්සියන්ට කෙතරම් සමීප ද යන්න හෙළි කර ගැනීමට උපකාරී වීය. ඇය ලොව පුරා සංරක්ෂණ ව්‍යාපෘති සඳහා ද කැපවී කටයුතු කළා ය.
ජේන් ගුඩෝල් ආයතනය නිකුත් කළ නිවේදනයක් අනුව, ආචාර්ය ගුඩෝල් ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශනයක් සඳහා සහභාගී වී සිටියදී ස්වභාවික හේතු මත අභාවප්‍රාප්ත වී තිබේ.
ඇගේ සොයාගැනීම් "විද්‍යාවේ විප්ලවීය වෙනසක් ඇති කළ" බවත්, ඇය "අපගේ ස්වාභාවික ලෝකයේ ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය සඳහා වෙහෙස නොබලා පෙනී සිටි අයෙකු," බවත් එහි සඳහන් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ආචාර්ය ගුඩෝල්ගේ වියෝව ගැන ශෝකය පළ කරමින් පැවසුවේ, ඇය "අපේ ග්‍රහලෝකය සහ එහි සියලු වැසියන් වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කළ අතර, මනුෂ්‍යත්වයට සහ සොබාදහමට අසාමාන්‍ය උරුමයක් ඉතිරි කළ" බව ය.
ඇයගේ මරණය ගැන "හදවත කම්පා වූ" බව පැවසූ Greenpeace සංවිධානය, ඇය "අපේ කාලයේ සැබෑ සංරක්ෂණ දැවැන්තයින්ගෙන් කෙනෙක්" ලෙස හැඳින්වීය.
ස්වභාවික පරිසර විද්‍යාඥ ක්‍රිස් පැක්හැම්, තමන් ඇය වීරවරියක ලෙස සලකන බව බීබීසීයට පැවසුවේ, ඇය "විප්ලවීය" සහ "විශිෂ්ට" පුද්ගලයෙකු ලෙස ද හඳුන්වමිනි.
"පෘථිවියේ පවතින ජීවය වෙනුවෙන් සටන් කිරීමට පෙරමුණ ගන්නා සියලු දෙනා අපට අවශ්‍ය මොහොතක වීරවරියක අහිමි වීම ඛේදවාචකයක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1934 වසරේදී උපත ලබා ලන්ඩනයේ හැදී වැඩුණු ආචාර්ය ගුඩෝල් පැවසුවේ, 'ද ස්ටෝරි ඔෆ් ඩොක්ටර් ඩූලිට්ල්' සහ 'ටාසන්' වැනි ග්‍රන්ථ කියවීමෙන් පසු තමා තුළ සතුන් කෙරෙහි ඇල්මක් ඇති වූ බව ය.
ඇයට තම විසි වන වියේ මැද භාගයේ වානර විද්‍යාඥ මහාචාර්ය ලුවී ලීකි හමුවී ඇත්තේ, මිතුරෙකුගේ ගොවිපළක නැවතී සිටියදී ය. ඇයට කිසිදු සුදුසුකමක් නොතිබුණ ද, ලීකි ඇගේ හැකියාවන් හඳුනාගත් අතර 1960දී ටැන්සානියාවේ වනාන්තර වෙත ඇගේ පළමු පර්යේෂණ චාරිකාව සංවිධානය කිරීමට උපකාර කළේ ය.
එම වසරේදී, ඇය මෙවලමක් භාවිත කරමින් සිටි සතෙකු දුටු පළමු පුද්ගලයා බවට පත් වූවා ය. ඇය විශාල පිරිමි චිම්පන්සියෙකු වූ එම සත්වයා කෝටුවක් භාවිත කරමින් පස් ඉවත් කර වේයන් හාරමින් සිට තිබිණි. ඇය එම සත්වයා ඩේවිඩ් ග්‍රේබියර්ඩ් ලෙස නම් කළ කළා ය.
එතෙක් කල් සත්ව විද්‍යාඥයින් විශ්වාස කර තිබුණේ, එවැනි ක්‍රියාවක් කිරීමට තරම් බුද්ධිමත් වන්නේ මිනිසුන් පමණක් බව ය. ඇගේ නිරීක්ෂණ වසර ගණනාවක සාම්ප්‍රදායික විද්‍යාත්මක චින්තනයට අභියෝග කළ අතර පරිණාමීය විද්‍යාවේ අනාගතය හැඩගැස්වීමට සමත් වී ඇත.
ඇගේ පර්යේෂණ ප්‍රමුඛ පෙළේ සඟරා මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, 1965දී ඇය නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ මුල් කවරයට ද ඇතුළත් කෙරිණි, මෙමගින් ඇය වානරයින්ගේ චිත්තවේගීය හා සමාජයීය හැසිරීම් ලොවට හඳුන්වා දුන්නා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සතුන් ශක්තිමත් පවුල් බැඳීම් ගොඩනගා ගන්නා බවත්, භූමිය වෙනුවෙන් යුද්ධවල පවා යෙදෙන බවත් ඇය හෙළි කළා ය. ඇය ඕර්සන් වෙල්ස් විසින් නිෂ්පාදනය කරන ලද ලද රූපවාහිනී වාර්තා චිත්‍රපටයක පෙනී සිටියා ය. එහි ඇය ළදරු චිම්පන්සියන් සමග සෙල්ලම් කරමින් පොරබදනු දක්නට ලැබිණි.
ඇය අධ්‍යයනය කළ සතුන් ඉතා සමීපව ඇසුරු කිරීම, ඔවුන්ට නම් තැබීම සහ ඔවුන් "මගේ මිතුරන්" ලෙස පවා හැඳින්වීමේ ඇගේ ප්‍රවේශය එකල ඇතැම්, බොහෝ දුරට පිරිමි විද්‍යාඥයින් විසින් සමච්චලයට ලක් කරන ලදී. ඇය ප්‍රථම උපාධියක් හෝ පෙර විද්‍යාත්මක පුහුණුවක් නොතිබුණ ද, ඇගේ සොයාගැනීම් මත පදනම්ව ආචාර්ය උපාධියක් ලබා ගත්තා ය.
ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් පසු ඇය ක්‍රියාකාරිනියක බවට පත්වූ අතර, සත්වෝද්‍යානවල හෝ වෛද්‍ය පර්යේෂණ සඳහා සිරගත කර ඇති චිම්පන්සියන් නිදහස් කිරීමට කටයුතු කළා ය. පසුව සතුන් දිවි ගෙවන ස්වාභාවික වාසස්ථානවලට සිදුවන පුළුල් විනාශය හමුවේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියා ය.
"අපි හය වන මහා වඳවීමේ ක්‍රියාවලියක මැද ඉන්නේ... සොබාදහම යථා තත්ත්වයට පත් කිරීමට සහ පවතින වනාන්තර ආරක්ෂා කිරීමට අපට වැඩි යමක් කරන්න පුළුවන් නම්, ඒක ලෝකයට හොඳ යි," ඇය 2024දී බීබීසීයට පැවසුවා ය.
ජීවිතයේ අවසාන කාලයේ ඇයව පෙළඹවූයේ කුමක් දැයි විමසූ විට, ඇය මෙසේ පැවසුවා ය: "ඇත්තෙන් ම මිනිසුන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් අනාගතයක් අවශ්‍ය යි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1977දී ආරම්භ කරන ලද ඇගේ ජේන් ගුඩෝල් ආයතනය, චිම්පන්සියන් ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර සතුන්ට සහ පරිසරයට ප්‍රතිලාභ සැලසීම අරමුණු කර ගත් ව්‍යාපෘති සඳහා සහය වේ.
ආචාර්ය ගුඩෝල් 2003 වසරේදී 'ඩේම්' යන ගෞරව නාමයෙන් පිදුම් ලද අතර 2025දී එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන නිදහස් පදක්කමින් ද පිදුම් ලැබුවා ය.
ඇය තම රැකියාව සඳහා නිරන්තරයෙන් සංචාරවල නිරත වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි අතර, 2022දී ටයිම්ස් පුවත්පතට පැවසුවේ, 1986 සිට සති තුනකට වැඩි කාලයක් එක ම ඇඳක නිදාගෙන නොමැති බව ය.
Dr Goodall worked right up until her death, being interviewed on stage in New York a week ago. She was due to speak again at a sold-out event on 3 October in California.
ආචාර්ය ගුඩෝල් මිය යන තුරු ම සේවය කළ අතර, සතියකට පෙර නිව් යෝර්ක්හි සම්මුඛ සාකච්ඡාවකට ද එක් විය. ඇය ඔක්තෝබර් 3 වන දින කැලිෆෝනියාවේදී දේශනයකට සහභාගී වීමට නියමිතව සිටියා ය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ආචාර්ය ගුඩෝල්ට උපහාර දක්වමින්, ඇය ස්වභාවධර්මයේ ආරක්ෂාව සඳහා "වෙහෙස නොබලා පෙනී සිටි" බව සිහිපත් කළහ.
"ආචාර්ය ජේන් ගුඩෝල් දූරදර්ශී මානවවාදියෙක්, විද්‍යාඥවරියක්, පෘථිවියට මිතුරියක් සහ අපටත් මිතුරියක් විය," හැරී කුමරු සහ මේගන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.
හිටපු කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ පැවසුවේ, අනාගතයේ ස්වභාව ධර්මය සුරැකීමට ගන්නා පියවරවලදී "ඇගේ කාරුණිකභාවය නොඅඩුව දැනෙනු ඇති" බව ය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, "අපගේ පරිසරය ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීම" වෙනුවෙන් 2002 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සාම දූතවරියක ලෙස ඇය කළ කාර්යයට ප්‍රශංසාවට ලක් කළේ ය.
ග්‍රීන්පීස් (Greenpeace) සහ පීපල් ෆෝ ද එතිකල් ට්‍රීට්මන්ට් ඔෆ් ඇනිමල්ස් (People for the Ethical Treatment of Animals ) ඇතුළු පාරිසරික සංවිධාන ද ආචාර්ය ගුඩෝල්ගේ අද්විතීය කාර්යභාරය සිහිපත් කර ඇත.















