අතිශය දුලබ අඩක්-පිරිමි, අඩක්-ගැහැණු පක්ෂියෙකු හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, John Murillo
දිනක්, කොලොම්බියාවේ මැනිසාලෙස් නගරයට කිලෝමීටර් 10ක් පමණ නිරිත දෙසින් පිහිටි දොන් මිගෙල් ස්වභාවික රක්ෂිතයේ දී ආධුනික පක්ෂි විශේෂඥ ජෝන් මුරිලෝ දුටු පක්ෂියාගේ පෙර නොවූ විරූ විශේෂත්වයක් දැකිය හැකි විය.
ඔහුගේ අවධානය යොමු වූ පක්ෂියා පරිසරයේ සුලබව දැකිය හැකි විශේෂයක් වන ග්‍රීන් හනිකීපර් (කොළ පැණි කුරුල්ලා/Chlorophanes spiza) පක්ෂියෙකි. කෙසේ වෙතත්, මේ එක් පක්ෂියා තුළ මුළුමනින්ම විශේෂ යමක් තිබිණි.
එම පක්ෂියාගේ වම් පැත්තේ පිහාටු, එම විශේෂයේ ගැහැණු සතුන්ට ආවේණික වර්ණය වන කොළ පැහැයෙන් යුක්ත වූ අතර, දකුණු පැත්තේ පිහාටු පිරිමි පක්ෂීන්ට ආවේණික නිල් පැහැයෙන් යුක්ත විය.
මුරිලෝ ඇත්තෙන්ම සිදුකළේ නව සොයාගැනීමකි. ඔහු තවත් පක්ෂිලෝලියෙකු වන, නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන පරිණාමීය ජාන විද්‍යාඥ හේමිෂ් ස්පෙන්සර්ට ඒ ගැන අනාවරණය කළේ ය.
ඒක අතිශයින් ම උද්යෝගජනක යි. පක්ෂි නිරීක්ෂකයෝ වැඩි දෙනෙකුට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ම පිරිමි සහ ගැහුණු ද්වි ලක්ෂණ තියෙන කුරුල්ලෙක් දකින්න ලැබෙන්නේ නෑ. ජෝන්ගේ සොයාගැනීම හරහා මට ඒ ප්‍රතිලාභය අත්විඳින්න පුළුවන් වුණා," අදාළ පක්ෂියා දක්නට ලැබුණු කාලයේ දී කොලොම්බියාවේ නිවාඩුවක් ගත කරමින් සිටි මහාචාර්ය ස්පෙන්සර් බීබීසී පුවත් සේවයට පැවසීය.
මෙම සිද්ධිය පක්ෂීන් සම්බන්ධයෙන් අතිශය දුර්ලභ බව ඔහු පවසයි. ඇත්ත වශයෙන් ම, ඔහු ඔහුගේ උපන් රට වන නවසීලන්තයෙන් ද එවැනි අවස්ථා කිසිවක් දැක නැත.
අතිශය දුර්ලභ තත්ත්වයක්
"ද්විරූප ලිංගිකත්වය කියන්නේ ශරීරයේ එක් පැත්තක තියෙන අවයව පිරිමි ලක්ෂණත්, අනෙක් පැත්තේ තියෙන ගැහැණු අවයව ලක්ෂණත් සහිත වීම."
මහාචාර්ය ස්පෙන්සර් මෙම නිරීක්‍ෂණය පැහැදිලි කර ඇත්තේ, Journal of Field Ornithology නමැති පක්ෂිවිද්‍යා ජර්නලයේ, ඔහු මුරිලෝ ඇතුළු කතුවරුන් සමග එක්ව කොලොම්බියාවේ කොළ පැණි කුරුල්ලාගේ ද්විරූප ලිංගිකත්වය පිළිබඳව සකසන ලද ලිපියක ය.

ඡායාරූප මූලාශ්‍රය, John Murillo
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම සංසිද්ධිය "සත්ත්ව සමූහ විශාල සංඛ්‍යාවක් තුළ දැක ගත හැකි අතර, බොහෝ විට ඔවුන් ද්විරූපී ලිංගික ලක්ෂණ සහිත (වඩාත් පහසුවෙන් හඳුනාගත හැකි) සත්තු" වෙති.
මෙම සොයාගැනීම, වසර 100 කට වැඩි කාලයක් තුළ සත්ත්ව විශේෂ අතර ද්විරූප ලිංගිකත්වය පිළිබඳ වාර්තාගත දෙවන උදාහරණය යි.
"ද්විරූප ලිංගික (හෙවත් සාමාන්‍යයෙන් වෙන ම ලිංග ඇති සත්ත්ව විශේෂයක පිරිමි සහ ගැහැණු ලක්ෂණ සහිත සතුන්) කුරුල්ලන්ගේ ලිංගය තීරණය වීම සහ ලිංගික හැසිරීම් පිළිබඳ අප සතු අවබෝධය සඳහා වැදගත් වේ," ඔටේගෝ විශ්වවිද්‍යාලයයේ නිවේදනයක මහාචාර්ය ස්පෙන්සර් මේ බව සඳහන් කර තිබිණි.
"වෙනත් බොහෝ විශේෂවල වගේ ම, කුරුල්ලන්ගේ දෙපැත්ත ම පිරිමි හෝ ගැහැණු විය යුතු වුවත්, ද්විරූප ලිංගිකත්වය පිළිබඳ මෙම විශේෂිත උදාහරණය එක් පැත්තකින් පිරිමි සහ අනෙක් පැත්තෙන් ගැහැණු ලක්ෂණ පෙන්නුම් කරයි," යනුවෙන් නිවේදනයේ තවදුරටත් දැක්වේ.
එහෙත්, මේ සුවිශේෂී පක්ෂියා බිහිවූයේ කෙසේ ද?
"කුරුල්ලන්ගේ ද්විරූප පිහාටු ඇති වෙන්නේ ශරීරයේ හෝමෝන වෙනසකට වඩා, ඒ අවට සෛලවල වර්ණදේහ සංයුතිය අනුව යි," ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.
මෙම තත්ත්වය විශේෂයෙන්, සමනලයින්, කවචයින් (බෙල්ලන් වැනි කවච සහිත සතුන්), මකුළුවන් ආදී කෘමීන් තුළ මෙන් ම, කටුස්සන් සහ මීයන් වැනි සතුන්ගේ පවා සොයාගෙන තිබේ.
පර්යේෂකයා පෙන්වා දෙන්නේ, මෙම සංසිද්ධිය "ගැහැණු සතා ඩිම්බයක් නිපදවීමේ දී සෛල බෙදීයාමේ දී සිදුවන දෝෂයක් හේතුවෙන් ශුක්‍රාණු දෙකකින් සංසේචනය වීමෙන්" ඇති වන බව ය.
මාස 21ක නිරීක්ෂණයක්
විශාල ප්‍රදේශයක් පුරා ද්විතියික වනාන්තර පැතිරුණු ගොවිපළක් වන දොන් මිගෙල් ස්වභාවික රක්ෂිතයේ, පක්ෂීන් වෙනුවෙන් පෝෂණ කලාපයක් ඉදිකර ඇත.
එහිදී ඔවුන්ට නැවුම් පලතුරු සහ සීනි මිශ්‍ර ජලය සපයනු ලබන අතර, එය පක්ෂීන් නැරඹීම සඳහා කදිම ස්ථානයක් බවට පත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, John Murillo
"විචිත්‍රවත් පක්ෂි විශේෂ රැසක් එකිනෙකා එක්ක මිශ්‍ර වුණ රංචු විදිහට මේ ස්ථානයේ දී දැක ගන්න පුළුවන්," ලේඛකයා ඔහුගේ ලිපියෙහි පැහැදිලි කර ඇත.
ඔවුන් ආකර්ෂණය කළ සුවිශේෂී කුරුල්ලා "අවම වශයෙන් මාස 21ක් වත් එහි සිටියා වගේම, ඉඩම අයිතිකරුවො දිනපතා දමන පලතුරු අනුභව කරන්න අනෙක් කොළ පැණි කුරුල්ලන් යනකල් ඌ ගොඩක් වෙලාවට බලාගෙන හිටියත්, උගේ හැසිරීම බොහෝ දුරට අනෙක් කොළ පැණි කුරුල්ලන්ගේ හැසිරීමට සමාන යි."
කෙසේ වෙතත්, යම් අවස්ථාවක, "ඒ පක්ෂියා සීමා ලකුණු කරගෙන හිටි එකෙක්, ඒ විශේෂයට අයත් අනෙකුත් පක්ෂීන්ට ආහාර වෙත ළඟාවීමට ඉඩ දුන්නේ නෑ,"යි පවසන ලේඛකයින් සඳහන් කළේ, මෙය එසේ සිදුවන්නේ මන්දැ යි නිශ්චිතව පැවසිය නොහැකි බව ය.
"සාමාන්‍යයෙන්, එම පක්ෂියා තමන් අයත් විශේෂයේ අනෙක් පක්ෂීන් මඟහැරියා. සෙසු පක්ෂීන් ද ඌ මඟහැරියා. එබැවින් මෙම පක්ෂියාට ප්‍රජනනය කිරීමට කිසිදු අවස්ථාවක් නොතිබූ බව පෙනෙන්න තිබෙනවා."
කෙසේ වෙතත්, ඔහුට උරුමක්කාරයෙකු නොමැතිවුව ද, සත්‍ය වශයෙන් ම, මෙම පක්ෂියා දැනටමත් සත්ත්ව රාජධානියේ සිය සලකුණ තබා තිබේ.












